Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොරටුව ‘රන් හටන’ විසදුමකින් තොරයි

මොරටුව ‘රන් හටන’ විසදුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 68 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරග ජය පරාජයෙන් තොරව අද (9 වැනිදා) අවසන් විය.

තරගයේ පළමු දිනය වූ ඊයේ (9 වැනිදා) ක්‍රීඩාව අවසන් කරනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 76 ක් රැස්කර පන්දුවට පහරදෙමින් සිටි වේල්ස් කුමර විද්‍යාලය අද දිනයේදී කඩුලු 7 කට ලකුණු 227 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.

අවිඳු ප්‍රනාන්දුගේ (56) අර්ධ ශතකයක් සමගින් ලකුණු 133 කට කඩුලු 7 ක් දැවී දැඩී අසීරූතාවයකට පත්ව සිටි වේල්ස් කුමර විද්‍යාලය ඉන් ගලවා ගත් සනෝජ් දර්ශික සහ දේවක පීරිස් අටවැනි කඩුල්ල සදහා ලකුණු 94 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

සනෝජ් දර්ශික (59) නොදැවී අර්ධ ශතකයක් ලබාගත් අතර දේවක පීරිස් නොදැවී ලකුණු 40 ක් රැස්කරමින් වේල්ස් කුමර විද්‍යාලයේ ලකුණු සංඛ්‍යාව වැඩි කිරීමට දායක වූහ.

ටෂික් පෙරේරා සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

වේල්ස් කුමර විද්‍යාලයට වඩා ලකුණු 68 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය දිනය අවසන් වනවිට කඩුලු 6 ක් දැවී ලකුණු 152 ක් රැස්කළේය.

ශතකය ආසන්නයට ගියද අවාසනාව හරස්වීම හේතුවෙන් මහ ක්‍රිකට් තරගයකදී ලබාගැනීමට තිබූ ශතකය අහිමිකරගත් නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 82 කට දැවී ගියේය.

පළමු ඉනිමේදී කඩුලු 6 ක් දවාගත් කෞමාල් නානායක්කාර ශාන්ත සෙබස්තියන් විද්‍යාලීය දෙවැනි ඉනිමේදී ලබාගත් කඩුලු 2 ත් සමගින් කඩුලු 8 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශා.සෙබස්තියන් විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 50.1 කදී සියලුදෙනා දැවී ලකුණු 159
(ජනිෂ්ක පෙරේරා 32, නිෂිත අභිලාෂ් 28, ශනෙල් ප්‍රනාන්දු 22, ප්‍රවීන් කුරේ 22, කෞමාල් නානායක්කාර 45/6, සවිඳු පීරිස් 49/4)

වේල්ස් කුමර විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 79 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 227
(සනෝජ් දර්ශික නොදැවී 59, අවිඳු ප්‍රනාන්දු 56, දේවක පීරිස් නොදැවී 40, සඳුන් ප්‍රනාන්දු 30, සුවත් මෙන්ඩිස් 21, ටෂික් පෙරේරා 33/2, ප්‍රවීන් ජයවික්‍රම 61/2)

ශා.සෙබස්තියන් විද්‍යාලීය දෙවැනි - ඕවර 68.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 152
(නුවනිඳු ප්‍රනාන්දු 82, තරූෂ ප්‍රනාන්දු 32, කෞමාල් නානායක්කාර 49/2)

 


අදහස් (0)

මොරටුව ‘රන් හටන’ විසදුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.