Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මේරියන්ස් - එන්.සී.සී. ජයග්‍රහණ වාර්තා කරති

මේරියන්ස් - එන්.සී.සී. ජයග්‍රහණ වාර්තා කරති

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරග පහක් අද (21 වැනිදා) අවසන්වූ අතර එහිදි බදුරලිය කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට එන්.සී.සී. කණ්ඩායම සමත්විය. වරාය අධිකාරිය සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර පැවැති තරගය ඊයේ අවසන්වූ අතර එහිදි ඉනිමක සහ ලකුණු 184 ක ජයක් හිමිකර ගැනීමට හලාවත මේරියන්ස්ට කණ්ඩායම සමත්විය.

තරග 4 කදී පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගැනීමට රාගම, බී.ආර්.සී, සැරසන්ස් සහ එස්.එස්.සී යන කණ්ඩායම් සමත්වූහ.

නිමාවු සති අන්තයේ පැවැති තරග වලදී අශේන් සිල්වා සහ සචිත්‍ර සේරසිංහ (හලාවත මේරියන්ස්), රොෂේන් සිල්වා (රාගම), රුමේෂ් බුද්ධික (බී.ආර්.සී.), ලක්ෂිත මදුශාන් (යුදහමුදාව), හර්ෂ කුරේ (සැරසන්ස්), අශාන් ප්‍රියංජන් (සී.සී.සී), දිමුත් කරුණාරත්න සහ කෞශාල් සිල්වා (එස්.එස්.සී) ශතක රැස්කළ පිතිකරුවෝ වූහ.

අසිත ප්‍රනාන්දු (හලාවත මේරියන්ස්), දුශාන් විමුක්ති (යුදහමුදාව) මෙම සති අන්තයේ පැවැති තරග වලදී කඩුලු 5 බැගින් දවාගත් පන්දු යවන්නෝ වෙති.

 

එන්.සී.සී. සහ බදුරලිය කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී. පිලට කඩුලු 10 ක ජයක්

බදුරලිය - පළමු ඉනිම - ඕවර 72.4 කදී සියලුදෙනා දැවී ලකුණු 147
(සංජය චතුරංග 28, අලංකාර අසංක 25, චතුරංග ද සිල්වා 28/3, ලසිත් ඇඹුල්දෙණිය 33/3, ළහිරු කුමාර 45/2)
එන්.සී.සී.- පළමු ඉනිම - ඕවර 89.1 කදී සියලුදෙනා දැවී ලකුණු 313
(මාලිංග අමරසිංහ 45, මහේල උඩවත්ත 33, ඇන්ජලෝ පෙරේරා 89, ෆර්විස් මහරූෆ් 37, තිරිඳු කෞෂාල් 22, අලංකාර අසංක 43/3, මදුශංක සුබසිංහ 59/3, ඩිලේශ් ගුණරත්න 95/2)
බදුරලිය - දෙවැනි ඉනිම - ඕවර 54.4 කදී සියලුදෙනා දැවී ලකුණු 160
(සුබ්‍රමනියම් ආනන්ද් 62, ශිරාන් රත්නායක 21, චතරංග ද සිල්වා 44/4, ලසිත් ඇඹුල්දෙණිය 46/3)
එන්.සී.සී.- දෙවැනි ඉනිම - ඕවර 4.4 කදී කිසිවකු නොදැවී ලකුණු 45
(ළහිරු උදාර නොදැවී 39)

 

වරාය අධිකාරිය සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස්ට ඉනිමක ජයක්

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 117.4 කදී සියලුදෙනා දැවී ලකුණු 427
(අශේන් සිල්වා නොදැවී 168, ඕෂධ ප්‍රනාන්දු 65, සචිත්‍ර සේරසිංහ 145, චානක කොමසාරූ 139/6, අකලංක ගනේගම 83/2, හෂාන් විමර්ෂණ 101/2)
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 32.2 කදී සියලුදෙනා දැවී ලකුණු 135
(ගයාන් මනීශාන් 49, ගිහාන් රූපසිංහ 42, අසිත ප්‍රනාන්දු 34/5)
වරාය අධිකාරිය - දෙවැනි ඉනිම - ඕවර 25.3 කදී සියලුදෙනා දැවී ලකුණු 108
(නිසල් රංදික 23, අකලංක ගනේගම 21, මාලින්ද පුෂ්පකුමාර 33/4, ශෙහාන් ජයසූරිය 39/3)

 

බ්ලූම්ෆීල්ඞ් සහ රාගම කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී

බ්ලූම්ෆීල්ඞ් - රාගම ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

රාගම - පළමු ඉනිම - ඕවර 93.2 කදී සියලුදෙනා දැවී ලකුණු 320
(ළහිරු මිලන්ත 38, ළහිරු තිරිමාන්න 62, රොශේන් සිල්වා 59. සමීර ද සොයිසා 53, ජනිත් ලියනගේ 50, කසුන් රාජිත 81/4, ළහිරු සමරකෝන් 51/2, මලිත් ද සිල්වා 86/2, රමේෂ් මෙන්ඩිස් 89/2)
බ්ලූම්ෆීල්ඞ් - පළමු ඉනිම - ඕවර 63.5 කදී සියලුදෙනා දැවී ලකුණු 273
(නිපුන් කරුණානායක 46, රමේෂ් මෙන්ඩිස් 35, ප්‍රමෝද් හෙට්ටිවත්ත 48, ළහිරු සමරකෝන් නොදැවී 53, මලිත් ද සිල්වා 52, නිශාන් පිරීස් 97/4, ඉශාන් ජයරත්න 63/3, අමිල අපෝන්සු 75/3)
රාගම - දෙවැනි ඉනිම - ඕවර 109 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 327
(ළහිරු මිලන්ත 92, ළහිරු තිරිමාන්න 31, රොෂේන් සිල්වා නොදැවී 106, ජනිත් ලියනගේ 39, මලිත් ද සිල්වා 74/3, රමේෂ් මෙන්ඩිස් 65/2)

 

බී.ආර්.සී. සහ යුදහමුදා කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී. සහ යුදහමුදා ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 65.3 කදී සියලුදෙනා දැවී ලකුණු 232
(දිල්ශාන් ද සිල්වා 50, හිමාෂ ලියනගේ 21, කසුන් ද සිල්වා 21, සීක්කුගේ ප්‍රසන්න 45, තිලකරත්න සම්පත් 40/4, චාමිකර එදිරිසිංහ 70/3, සුරාජ් රංදීව් 39/2)
බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 84 කදී සියලුදෙනා දැවී ලකුණු 345
(ලසිත් ලක්ෂාන් 65, ලිසුල ලක්ෂාන් 80, තිලකරත්න සම්පත් 22, රුමේෂ් බුද්ධික 114, හර්ෂ විතාන 21, දුශාන් විමුක්ති 68/5, දිල්ශාන් ද සිල්වා 26/2, සීක්කුගේ ප්‍රසන්න 95/2)
යුදහමුදාව - දෙවැනි ඉනිම - ඕවර 115 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 454
(දුශාන් විමුක්ති 47, අශාන් රංදික 52, දිල්ශාන් ද සිල්වා 56, ලක්ෂිත මදුශාන් නොදැවී 151, කසුන් ද සිල්වා 46, හිමාශ ලියනගේ 36, යශෝධ මෙන්ඩිස් 26, හිමේෂ් රාමනායක 56/3, චාමික එදිරිසිංහ 91/3)

 

සී.සී.සී. සහ සැරසන්ස් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී

සැරසන්ස්ට පළමු ඉනිමේ ජයක්

සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 127.2 කදී සියලුදෙනා දැවී ලකුණු 496
(තනුක දාබරේ 72, මොහොමඞ් ජලීල් 82, හර්ෂ කුරේ 140, ප්‍රමෝද් මදුවන්ත 29, සාලිය සමන් 69, නවිඳු නිර්මාල් 34, සචිත් පතිරණ 95/4, අශාන් ප්‍රියංජන් 63/3)
සී.සී.සී. - පළමු ඉනිම - ඕවර 128.3 කදී සියලුදෙනා දැවී ලකුණු 372
(කවීන් බණ්ඩාර 92, අශාන් ප්‍රියංජන් 101, මාලින්ද වර්ණපුර 48, ළහිරු ගමගේ 31, සචිත් පතිරණ 50, මලිඳු මදුරංග 21, රොෂාන් ජයතිස්ස 100/4, සාලිය සමන් 67/3
    


එස්.එස්.සී. සහ මූවර්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී. පිලට පළමු ඉනිමේ ජයක්

එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 52.1 කදී සියලුදෙනා දැවී ලකුණු 199
(මිනෝද් භානුක 36, දසුන් ශානක 75, තරිඳු රත්නායක 71/5, ශිරාන් ප්‍රනාන්දු 56/3)
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 48 කදී සියලුදෙනා දැවී ලකුණු 160
(ප්‍රිමෝෂ් පෙරේරා 27, චාමර සිල්වා 32, අදීශ තිලංචන 3, සඳකැන් පතිරණ 31, සචිත්‍ර සේනානායක 40/4, ජෙෆ්රි ජෙෆ්රි වැන්ඩසේ 30/3, විමුක්ති පෙරේරා 40/2)
එස්.එස්.සී. - දෙවැනි ඉනිම - ඕවර 112.1 කදී සියලුදෙනා දැවී ලකුණු 563
(දිමුත් කරුණාරත්න 128, කෞශාල් සිල්වා 142, මිනෝද් භානුක 75, ඩිලාන් ජයලත් 27, මිලින්ද සිරිවර්ධන 52, සම්මු අශාන් 79, සචිත්‍ර සේනානායක 23, තරිඳු රත්නායක 184/4, සඳකැන් පතිරණ 199/4, සහන් විජේරත්න 97/2)
මූවර්ස් - දෙවැනි ඉනිම - ඕවර 41 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 164
(ඉරෝෂ් සමරසූරිය 37, පබසර වඩුගේ 64, ශානුක දුලාජ් නොදැවී 52, සචිත්‍ර සේනානායක 27/2)

 


අදහස් (0)

මේරියන්ස් - එන්.සී.සී. ජයග්‍රහණ වාර්තා කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.