Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මේරියන්ස් - වරාය අධිකාරිය ඉනිමක ජයක් ලබති

මේරියන්ස් - වරාය අධිකාරිය ඉනිමක ජයක් ලබති

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ යටතේ තරග 5 ක් අද (30 වැනිදා) අවසන්වූ අතර හලාවත මේරියන්ස් සහ වරාය අධිකාරිය කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ.

බ්ලූම්ෆීල්ඞ්, එස්.එස්.සී. සහ බී.ආර්.සී කණ්ඩායම් තුනට පළමු ඉනිමේ ජයග්‍රහණ වලින් සැහීමකට පත්වීමට සිදුවිය.

මෙම සති අන්තයේ අවසන්වූ තරග වලදී ශෙහාන් ජයසූරිය (හලාවත මේරියන්ස්), ඕෂධ ප්‍රනාන්දු (හලාවත මේරියන්ස්), මදුක ලියනපතිරණගේ (වරාය අධිකාරිය), චාමර සිල්වා (මූවර්ස්), දිමුත් කරුණාරත්න (එස්.එස්.සී), චාමර කපුගෙදර (එස්.එස්.සී), මිනෝද් භානුක (එස්.එස්.සී), තරංග පරණවිතාන (ද්‍රවිඩ සංගමය), සුරාජ් රංදීව් (බී.ආර්.සී), ජීවන් මෙන්ඩිස් (ද්‍රවිඩ සංගමය) ශතක රැස්කිරීමට සමත්වූහ.

බදුරලිය කණ්ඩායමේ අලංකාර අසංක කඩුලු 7 ක් දවාගත් අතර වරාය අධිකාරීය කණ්ඩායමේ චානක කොමසාරූ ඉනිම දෙකේදීම කඩුලු 6 බැගින්ද හලාවත මේරියන්ස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාරද සහ මූවර්ස් කණ්ඩායමේ සජීව වීරකෝන් කඩුලු 6 බැගින්ද දවාගනිමින් මෙම සති අන්තයේදී පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූහ. යුදහමුදා කණ්ඩායමේ ජනිත් ද සිල්වා, සී.සී.සී. කණ්ඩායමේ සචිත් පතිරණ සහ ද්‍රවිඩ සංගම් පිලේ ප්‍රමෝද් මදුශාන් කඩුලු 5 බැගින් දවාගැනීමට සමත්වූහ.


හලාවත මේරියන්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස්ට ඉනිමක ජයක්

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 118.3 කදී සියලුදෙනා දැවී ලකුණු 545
(ශෙහාන් ජයසූරිය 118, ඕෂධ ප්‍රනාන්දු 196, සචිත්‍ර සේරසිංහ 65, රිසිත් උපමාල් 41, පුලින තරංග 37, ඉසුරු උදාන 56, ජනිත් ද සිල්වා 114/5, දුශාන් විමුක්ති 139/2)
යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 160
(නවෝද් ඉලුක්වත්ත 20, සංජික රිද්ම නොදැවී 35, කසුන් ද සිල්වා 27, නුවන් ලියනපතිරණ 20, මාලින්ද පුෂ්පකුමාර 56/6, අසිත ප්‍රනාන්දු 24/3)
යුදහමුදාව - දෙවැනි ඉනිම - ඕවර 62.1 කදී සියලුදෙනා දැවී ලකුණු 188
(ඩිල්ශාන් ද සොයිසා 62, කසුන් ද සිල්වා 51, තීක්ෂිල ද සිල්වා 19/3, මාලින්ද පුෂ්පකුමාර 69/3, ශෙහාන් ජයසූරිය 16/2, අසිත ප්‍රනාන්දු 27/2)

 

බදුරලිය සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

වරාය අධිකාරියට ඉනිමක ජයක්

වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 100.3 කදී සියලුදෙනා දැවී ලකුණු 359
(ගයාන් මනීෂාන් 20, යශෝධ ලංකා 20, ගිහාන් රූපසිංහ 48, ප්‍රශාන් වික්‍රමසිංහ 88, මදුක ලියනපතිරණගේ 115, අදීල් මලික් 25, අලංකාර අසංක 79/7, නිමන්ද සුභසිංහ 56/3)
බදුරලිය - පළමු ඉනිම - ඕවර 56 කදී සියලුදෙනා දැවී ලකුණු 105
(ශම්මික රුවන් 20, චානක කොමසාරූ 34/6)
බදුරලිය - දෙවැනි ඉනිම - ඕවර 58.5 කදී සියලුදෙනා දැවී ලකුණු 115
(ජහන්ගිර් මිර්සා 23, සංජය චතුරංග 31, චානක කොමසාරූ 39/6, මදුක් ලියනපතිරණගේ 28/2)

 

බ්ලූම්ෆීල්ඞ් සහ මුවර්ස් කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී

බ්ලූම්ෆීල්ඞ් පිලට පළමු ඉනිමේ ජයක්

මූවර්ස් - පළමු ඉනිම - ඕවර 43.2 කදී සියලුදෙනා දැවී ලකුණු 163
(ප්‍රීමෝෂ් පෙරේරා 20, ශානුක දුලාජ් 39, තරිඳු රත්නායක 36, ළහිරු සමරකෝන් 56/4, ඉම්රාන් ඛාන් 13/2, රමේෂ් මෙන්ඩිස් 73/2)
බ්ලූම්ෆීල්ඞ්  - පළමු ඉනිම - ඕවර 68.3 කදී සියලුදෙනා දැවී ලකුණු 213
(නිසල් ෆ්‍රැන්සිස්කෝ 61, සචින් ජයවර්ධන 49, ප්‍රමෝද් හෙට්ටිවත්ත 22, මලිත් ද සිල්වා 25, සජීව වීරකෝන් 58/6, තරිඳු රත්නායක 93/2)
මූවර්ස් - දෙවැනි ඉනිම - ඕවර 80 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 372
(ප්‍රිමෝෂ් පෙරේරා 28, පබසර වඩුගේ 52, දෙනුවන් රාජකරුණා 25, චාමර සිල්වා 134, ශානුක දුලාජ් 23, ශිරාන් ප්‍රනාන්දු නොදැවී 26, ළහිරු සමරකෝන් 72/4, නිපුන් කරුණානායක 44/2, මලිත් ද සිල්වා 86/2)
බ්ලූම්ෆීල්ඞ්  - දෙවැනි ඉනිම - ඕවර 73 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 282
(නිපුන් කරුණානායක 22, ළහිරු ජයකොඩි 56, සචින් ජයවර්ධන 22, අදීෂ නානායක්කාර 48, රමේෂ් මෙන්ඩිස් නොදැවී 59, ප්‍රමෝද් හෙට්ටිවත්ත 45, සජීව වීරකෝන් 85/2, තරිඳු රත්නායක 119/2)

 

එස්.එස්.සී. සහ සී.සී.සී. කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී. පිලට පළමු ඉනිමේ ජයක්

සී.සී.සී. - පළමු ඉනිම - ඕවර 80.5 කදී සියලුදෙනා දැවී ලකුණු 314
(කවීන් බණ්ඩාර 53, අශාන් ප්‍රියංජන් 84, මාධව වර්ණපුර නොදැවී 79, ලසිත් අබේරත්න 43, අක්තාබ් කාදර් 45/3, කසුන් මදුෂංක 33/2, සචිත්‍ර සේනානායක 88/2)
එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 115 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 459
(දිමුත් කරුණාරත්න 141, කෝසල කුලසේකර 30, චාමර කපුගෙදර 114, මිනෝද් භානුක නොදැවී 100, වනිඳු හසරංග 97/2, සචිත් පතිරණ 131/5)
සී.සී.සී. - දෙවැනි ඉනිම - ඕවර 55 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 233
(රොන් චන්ද්‍රගුප්ත 68, ලසිත් අබේරත්න 90, අශාන් ප්‍රියංජන් 32, සචිත්‍ර සේනානායක 67/4)

 

ද්‍රවිඩ සංගමය සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී. පිලට පළමු ඉනිමේ ජයක්

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 104 කදී සියලුදෙනා දැවී ලකුණු 314
(තරංග පරණවිතාන 123, දිනෙත් තිමෝද්‍ය 57, ශාලික කරුණානායක 37, මනෝජ් සරත්චන්ද්‍ර 33, විකුම් සංජය 63/3, හිමේෂ් රාමනායක 39/2, සුරාජ් රංදීව් 81/2)
බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 106.5 කදී සියලුදෙනා දැවී ලකුණු 332
(ශශින් දිල්රංග 84, සුරාජ් රංදීව් නොදැවී 152, ප්‍රමෝද් මදුශාන් 85/5, ජීවන් මෙන්ඩිස් 74/3)
ද්‍රවිඩ සංගමය - දෙවැනි ඉනිම - ඕවර 53 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 234
(තරංග පරණවිතාන 60, දිනෙත් තිමෝද්‍ය 26, ජීවන් මෙන්ඩිස් නොදැවී 100, මනෝජ් සරත්චන්ද්‍ර 40, තිලකරත්න සම්පත් 68/2)

 


අදහස් (0)

මේරියන්ස් - වරාය අධිකාරිය ඉනිමක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.