(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මැදිරිගිරිය ජාතික පාසල සමත්විය.
මැදිරිගිරිය ජාතික පාසල තරගාවලියේ හයවැනි වටයේදී කිරිවත්තුඩුව විජේවර්ධන මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. මෙම තරගයේදී මැදිරිගිරිය ජාතික පාසල වෙනුවෙන් නායක යෝෂිත ගිම්හාන් තුන් ඉරියව් දස්කම් දැක්වීය. මැදිරිගිරිය ජාතික පාසල් පිලේ නායක යෝෂිත ගිම්හාන් මෙවර තරගාවලියේ ශතක 4ක් රැස් කිරිමීට සමත්වීය.
මැදිරිගිරිය ජාතික පාසල - පළමු ඉනිම කඩුලු 6 ට 273 යි
(යෝෂිත ගිම්හාන් 107, චේතන දිනෙත් 39, හිමාෂ කල්හාර 38, දුලේන් නෙත්මිණ නොදැවී 21, මෙලීෂ පෙරේරා 39/2, ජනිදු ප්‍රමෝද්‍ය 39/2)
කිරිවත්තුඩුව විජේවර්ධන මහා විද්‍යාලය - පළමු ඉනිම 100
(මෙලීෂ පෙරේරා 31, හංස කල්හාර 12/3, සියත් සස්විඳු 23/3, යෝෂිත ගිම්හාන 7/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.