කළුතර තිස්ස මැදි විදුහල සහ කළුතර විද්‍යාලය අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති 60 වැනි ‘මැංගුස් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (10 වැනිදා) අවසන් විය.
තරගය නිමාවන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි තිස්ස මැදි විදුහල කඩුලු 4 ක් දැවී ලකුණු 108 ක් ලබා සිටියේය. පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් යොහාන් රවිෂ්ක ලකුණු 37 ක්ද, නිලුපුල් දර්ශන ලකුණු 41 ක්ද ලබා තරගය නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියහ.
මන්දාලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනය වූ ඊයේ (9 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 20 ක් ලබා සිටි කළුතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 173 ක් අලුතින් එක්කර ගත්හ. එහිදී හිරුණ මදුෂාන් ලකුණු 48 ක්ද, බිෂාර ප්‍රනාන්දු ලකුණු 37 ක්ද රැස්කරමින් කළුතර විද්‍යාලයීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
කෙසේ වුවත් තිස්ස මැදි විදුහල පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව පසුකර යෑමට කළුතර විද්‍යාලයට නොහැකි විය. එහිදි ලකුණු 70 කට කඩුලු 6 ක් දවාගත් රොහාන් සංජය, කළුතර විද්‍යාලය ගමන් මඟ අසුරා දැමීය. සතින් නිමේෂ් ලකුණු 57 කට කඩුලු 4 ක් දවාගනිමින් කළුතර විද්‍යාලයේ ලකුණු සංඛ්‍යාව 200 කට අඩුවෙන් රඳවාගැනීම සඳහා සංජයට අනගි සහායක් දුන්නේය.
කාසියේ වාසිය දිනූ කළුතර විද්‍යාලයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් තිස්ස විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 212 ක් රැස්කළේය. එහිදී යොහාන් රවිෂ්ක (67) තිස්ස විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් අතර නිතිර තේනුර (49) අර්ධ ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ කළුතර විද්‍යාලයේ ප්‍රබෝද් වනිගසිංහ ලකුණු 67 කට කඩුලු 3 ක් දවාගත් අතර අවිෂ්ක ලක්ෂාන්, දිලීෂ් අරුණෝද්‍ය සහ කවිඳු ජයවික්‍රම කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
තිස්ස මැදි විදුහල පළමු ඉනිම - ඕවර 58.2 කදී සියලු දෙනා දැවී 212
(යොහාන් රවිෂ්ක 67, නිතිර තේනුර 49, නිලුපුල් දර්ෂණ 23, රවිඳු ද සිල්වා 22, ප්‍රබෝධ් වනිගසිංහ 67/3, අවිෂ්ක ලක්ෂාන් 11/2, දිලීෂ් අරුණෝද්‍ය 22/2, කවිඳු ජයවික්‍රම 61/2)
කළුතර විද්‍යාලය පළමු ඉනිම - ඕවර 60.4 කදී සියලු දෙනා දැවී 193
(හිරුණ මදුෂාන් 48, බිෂාර ප්‍රනාන්දු 37, කවිඳු ජයවික්‍රම 28, දුනිත් ජයතුංග 25, ප්‍රභෝත් ජයවික්‍රම 21, රොහාන් සංජය 70/6, සතින් නිමේෂ් 57/4)
තිස්ස මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 31 කදී කඩුලු 4 ක් දැවී 108
(නිලුපුල් දර්ෂණ නොදැවී 41, යොහාන් රවිෂ්ක නොදැවී 37, කවිඳු ජයවික්‍රම 26/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.