Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලින්ද - දිල්හාර කළුතර සිරිකුරුසයට ජය ගෙනෙති

මාලින්ද - දිල්හාර කළුතර සිරිකුරුසයට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2017 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී බලපිටිය රේවත විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 160 ක ජයක් හිමිකර ගැනීමට කළුතර සිරිකුරුස විද්‍යාලය ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තුන් ඉරියව් දස්කම් පෑ මාලින්ද ජයෝද් ලකුණු 94 ක් රැස්කරමින් පිත්තෙන්ද ලකුණු 58 කට කඩුලු 7 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන්ද දස්කම් දැක්වීය. මාලින්ද ජයෝද්ට අනගි සහයක් ලබාදුන් දිල්හාර නානායක්කාර ලකුණු 64 කට කඩුලු 8 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

සිරිකුරුස විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 81.5 කදී සියලුදෙනා දැවී ලකුණු 328
(මාලින්ද ජයෝද් 94, දිනෙත් ද සිල්වා 52, විහඟ ගුණරත්න 47, නදීර මදුවන්ත 44, ඉයන් ඬේවින් 38, අවිෂ්ක ඩිල්ශාන් 80/4, කවිඳු දිල්හාර 57/3)

රේවත විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 25.1 කදී සියලුදෙනා දැවී ලකුණු 72
(මාලින්ද ජයෝද් 35/5, දිල්හාර නානායක්කාර 26/4)

රේවත විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 27.2 කදී සියලුදෙනා දැවී ලකුණු 96
(චාතූන් කාව්‍ය 29, දිල්හාර නානායක්කාර 38/4, කාවින්ද ගීතාංජන 18/3, මාලින්ද ජයෝද් 23/2)

 

 


අදහස් (0)

මාලින්ද - දිල්හාර කළුතර සිරිකුරුසයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.