Last Update  :  2025-05-29 11:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුම්බායි ඉන්දියන්ස් අවදානම් කලාපයට
අයි.පී.එල්. - 2025

මුම්බායි ඉන්දියන්ස් අවදානම් කලාපයට

editorial - 2025 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රියන්ෂ් ආර්යා සහ ජොෂ් ඉන්ග්ලිස් එක්ව අවසන් වටයේ පළමු වැනි සුදුසුකම් තේරීමේ තරගය කරා පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඔසවද්දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල්. තරගාවලියේ වඩාත්ම අවදානම් සහගත තරගය දක්වා ඇද වැටුණේය. ඊයේ (26 වැනිදා) ජායිපූර් නුවරදී පැවැති මුම්බායි ඉන්දියන්ස් සහ පන්ජාබ් කිංග්ස් අතර තරගයේදී පන්ජාබ් පිල ලබාගත් කඩුලු 7 ක ජයග්‍රහණයේ අනුයාත ප්‍රතිඵලය වූයේ එයයි. 

අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ යන්තම් හෝ අවස්ථාවක් ඉතිරි කරගැනීමට නම් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලබන 30 වැනිදා පැවැත්වෙන තරගය ජයගත යුතුවම තිබේ. එහෙත් ඒ කා සමගින්ද යන්න බලාගැනීමට අද (27 වැනිදා) රාත්‍රියේ පැවැත්වෙන ලක්නව් සුපර් ජයන්ට්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරගය අවසන් වන තුරු බලා සිටිය යුතුව තිබේ. 

විස්සයි-20 තරගයකදී ලකුණු 180 ඉක්මවා යාම තරමක් අභියෝගාත්මක සෙල්ලමකි. එහෙත් උපායශීලී ලෙසින් සිය ඉලක්කය කරා ගිය පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 109 ක් එක් කළ ප්‍රියන්ෂ් ආර්යා සහ ජොෂ් ඉන්ග්ලිස් විශ්මයජනක අර්ධ ශතක දෙකක් ලබාගත්හ.  ප්‍රිියන්ශ් දැවී යාමෙන් පසුව තරගය බාරගත් සූර්යකුමාර් යාදව් ලකුණු 57 ක් ලබාගනිමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවදානම් කලාපයට තල්ලු කර දැම්මේය. 


මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 7 ට 184 යි
(රයාන් රික්ල්ටන් 27, රෝහිත් ෂර්මා 24, සූර්යකුමාර් යාදව් 57, විල් ජැක්ස් 17, හාර්දික් පාණ්ඩ්‍යා 26, නමන් ධීර් 20, අර්ශ්දීප් සිං 28/2, මාකෝ යැන්සන් 34/2, විජයකුමාර් වෛශාක් 44/2)

කිංග්ස් XI පන්ජාබ් - ඕවර18.3 කදී කඩුලු 3 ක් දැවී 187 යි
(ප්‍රියාන්ශ් ආර්ය 62, ප්‍රබ්ශිම්රාන් සිං 13, ජොෂ් ඉංග්ලිස් 73, ශ්‍රෙයාස් අයියර් නොදැවී 26, මිචෙල් සෑන්ට්නර් 41/2)

 


- 213


අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස් අවදානම් කලාපයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.