Last Update  :  2025-09-04 18:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මන්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිකිරීම් ඇරඹෙයි

මන්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිකිරීම් ඇරඹෙයි

editorial - 2025 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අංජුල මහික වීරරත්න)

යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල් ගල තැබීම ජනාධ්පති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (1) පස්වරුවේදී සිදු විය.දිගු කාලීන සැලැස්මක් යටතේ මණ්ඩතිව් දූපත ජාත්‍යන්තර මට්ටමේ අංග සම්පූර්ණ  පහසුකම්වලින් සමන්විත ‘ක්‍රීඩා නගරයක් බවට පත් කිරීම පිළිබඳ සැලසුමද එහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම මන්ඩතිව් ක්‍රීඩා නගරය පිහිනුම් තටාකාංගණයක්,අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාංගණයක්,තරු             පන්තියේ හෝටල් හා අවන්හල්,සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ මෙන්ම විනෝදාස්වාද            මධ්‍යස්ථානවලින්ද සමන්විත වනු ඇත.

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර හතරක් යටතේ ඉදි කිරීමට නියමිත අතර එහි පළමු අදියර ලෙස තරග පැවැත්විය හැකි මට්ටමට ක්‍රීඩාංගණය ඉදි කෙරේ.දෙවැනි අදියර යටතේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය සහ මාධ්‍ය කුටියද,තෙවැනි අදියර යටතේ සෙසු ප්‍රේක්ෂකාගාර ඉදිකිරීමටද,අවසන් අදියරේදී විදුලි අලෝක පද්ධතිය ස්ථාපිත කිරීමටද කටයුතු කෙරේ.

යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති භූමියක ඉදි කෙරෙන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දිවා - රාත්‍රී තරග පැවැත්විය හැකි 40,000 කට අසුන් ගත හැකි ආකාරයෙන් සකස් කෙරේ.එය ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි ශ්‍රී ලංකාවේ හත් වැනි ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත් වනු ඇත.

එසේම ජාත්‍යන්තර මට්ටමේ දිවා/රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් සහිතව ශ්‍රී ලංකාවේ ඉදිවන පස්වැනි ක්‍රීඩාංගණය ලෙසද,ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි හත් වැනි ක්‍රීඩාංගණය ලෙද යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පත් වනු ඇත.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල,උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන්, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරු ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.


අදහස් (0)

මන්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිකිරීම් ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.