Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මතිවානන්ගේ පෙත්සම වීසිවෙයි

මතිවානන්ගේ පෙත්සම වීසිවෙයි

editorial - 2025 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(රන්ජන් කටුගම්පොල)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසරේ පත් වූ නිලධාරී මණ්ඩලයේ  පත්වීම් බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට තරග කළ  කේ. මතිවානන් මහතා විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට  ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්‍ෂේප කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ වගඋත්තරකර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි  නීතිඥවරුන් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා පිළිගැනීමෙන් පසුවය.

පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් තමන් නාම යෝජනා ඉදිරිපත් කළ බැවින් ඒ සඳහා  අවශ්‍ය ලිපි සැපයීමට කාලය ලබාදෙන කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් ක්‍රීඩා නීතිය යටතේ තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වි ඇති බව සඳහන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කළ කේ. මතිවානන් මහතා පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත් වූ නිලධාරී මණ්ඩලයේ පත්වීම් අවලංගු කර නව නිලවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

මතිවානන් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපතිවරයකු මෙන්ම හිටපු අතුරු කමිටු සාමාජිකයෙක් ද වෙයි.

මෙම පෙත්සම භාරගත් අවස්ථාවේ වග උත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මේ පෙත්සම  කල් ඉකුත් වී ඇති බවත් අදාළ පාර්ශ්වකරුවන් වග උත්තරකරුවන් වශයෙන් නම් කර නොමැති බවත් අදාල ලියකියවිලි අධිකරණයට ඉදිරිපත්  කර නොමැති බවත්ය. එබැවින් මෙම මූලික විරෝධතා පිළිගෙන පෙත්සම විභාගයට ගෙන ඉවත් දමන ලෙස ද ඔව්හු ඉල්ලා සිටියහ.

මෙම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළේය

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ රුක්ෂාන් මෙන්ඩිස් මහතා සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියහ. වග උත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ සංජය ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥවරුන් වන උපුල් කුමාරප්පෙරුම, චන්දික ජයසුන්දර සහ ශිවාන් කුරේ යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  මහතාත් පෙනී සිටියේය


අදහස් (0)

මතිවානන්ගේ පෙත්සම වීසිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.