Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බී.ආර්.සී. පිලට කඩුලු 8 ක ජයක්

බී.ආර්.සී. පිලට කඩුලු 8 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේදී රාගම කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට බී.ආර්.සී. කණ්ඩායම අද (16) සමත්විය. කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී පැවැති තරගය තවත් දින දෙකක් ඉතිරිව තිබියදීම අවසන්විය.


රාගම කණ්ඩායමේ දෙවැනි ඉනිමේදී ලකුණු 08 කට කඩුලු 5 ක් දවාගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ සුරාජ් රංදීව් බී.ආර්.සී කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කිරීමට සමත්විය. හිමේෂ් රාමනායක පළමු ඉනිමේදී කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ජයග්‍රහණ සදහා ලකුණු 119 ක ඉලක්කයක් හඹාගිය බී.ආර්.සී කණ්ඩායමට ඕවර 19.5 කදී කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රහණය තහවුරු කර ගැනීමට හැකිවිය.


තවත් තරග තුනක් දෙවැනි දිනට අද පැවැති අතර මහේල උඩවත්ත (106) සහ ඇන්ජලෝ පෙරේරා (නොදැවී 129) ශතක රැස්කරමින් එන්.සී.සී. කණ්ඩායම ලකුණු 600 සිමාව දක්වා රැගෙන යාමට සමත්වූහ.

 

රාගම - පළමු ඉනිම - ඕවර 47.5 කදී සියලුදෙනා දැවී ලකුණු 129
(ළහිරු මිලන්ත 23, අක්ශු ප්‍රනාන්දු 41, හිමේෂ් රාමනායක 29/5, සුරාජ් රංදීව් 27/2)

බී.ආර්.සී - පළමු ඉනිම - ඕවර 57.4 කදී සියලුදෙනා දැවී ලකුණු 149
(ලසිත් ලක්ෂාන් 35, හිමේෂ් රාමනායක 38, ශශින් දිල්රංග 20, ඉෂාන් ජයරත්න 54/4, නිශාන් පිරීස් 06/2, සහන් නානායක්කාර 15/2, උදිත් මදුශාන් 48/2)

රාගම - දෙවැනි ඉනිම - ඕවර 41.3 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(ළහිරු මිලන්ත 37, රොෂේන් සිල්වා 34, සමීර ද සොයිසා 25, සුරාජ් රංදීව් 08/5, තිලකරත්න සම්පත් 48/2)

බී.ආර්.සී - දෙවැනි ඉනිම - ඕවර 19.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 119
(ලසිත් ලක්ෂාන් 23, තිලකරත්න සම්පත් නොදැවී 50, රුමේෂ් බුද්ධික නොදැවී 34)


හලාවත මේරියන්ස් සහ සී.සී.සී කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් 372 සහ 46/1, එස්.එස්.සී. 231

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 103.5 කදී සියලුදෙනා දැවී ලකුණු 372
(අශේන් සිල්වා 105, ශෙහාන් ජයසූරිය 146, සචිත්‍ර සේරසිංහ 30, රසිත් උපමාල් 24, රුක්ෂාන් ප්‍රනාන්දු නොදැවී 20, අක්තාබ් කාදර් 79/4, සචිත්‍ර සේනානායක 103/4)

එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 66.2 කදී සියලුදෙනා දැවී ලකුණු 232
(කවිඳු කුලසේකර 47, චාමර කපුගෙදර 63, සම්මු අශාන් 72, ශෙහාන් ජයසූරිය 48/4, තීක්ෂිල ද සිල්වා 27/3, මාලින්ද පුෂ්පකුමාර 80/2)

හලාවත මේරියන්ස් - දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුල්ලක් දැවී ලකුණු 46
(ශෙහාන් ජයසූරිය නොදැවී 29)

 

කෝල්ට්ස් සහ එන්.සී.සී. කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් 127 සහ 29/2, එන්.සී.සී. 618/9

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 35.1 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(නිසල තාරක 25, කවිශ්ක අංජුල 20, ලසිත් ඇඹුල්දෙණිය 33/5, ළහිරු කුමාර 26/4)

එන්.සී.සී - පළමු ඉනිම - ඕවර 121.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 618
(ළහිරු උදාර 157, භානුක රාජපක්ෂ 134, මහේල උඩවත්ත 106, ඇන්ජලෝ පෙරේරා නොදැවී 129, චාමික කරුණාරත්න 54, ප්‍රභාත් ජයසූරිය 224/4, නිසල තාරක 100/3, හෂාන් දුමිඳු 39/2)

කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 29

 

වරාය අධිකාරිය සහ සැරසන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

සැරසන්ස් 311 සහ 08/2, වරාය අධිකාරිය 220

සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 111 කදී සියලුදෙනා දැවී ලකුණු 311
(තනුක දාබරේ 20, ඇන්ඩි සොලමන්ස් 48, මොහොමඞ් ජලීල් 56, ගමිඳු අමරසිංහ 35, හර්ෂ කුරේ 41, අශේන් බණ්ඩාර නොදැවී 87, චරිත් ජයම්පති 43/3, චානක කොමසාරූ 96/3, මදුක ලියනපතිරණගේ 50/2)

වරායඅධිකාරිය - පළමු ඉනිම - ඕවර 58.2 කදී සියලුදෙනා දැවී ලකුණු 220
(නික් කොම්ප්ටන් 103, ඉශාන් රංගන 34, ගිහාන් රූපසිංහ 38, මොහොමඞ් දිල්ශාඞ් 51/4, රනිත ලියනාරච්චි 53/4)

සැරසන්ස් - දෙවැනි ඉනිම - ඕවර 5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 13


අදහස් (0)

බී.ආර්.සී. පිලට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.