Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බිංගිරිය ජාතික පාසැලට කඩුලු 7 ක ජයක්

බිංගිරිය ජාතික පාසැලට කඩුලු 7 ක ජයක්

editorial - 2020 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බිංගිරිය - නන්ද එස්. ඒකනායක)

බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසල හා පඬුවස්නුවර එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික පාසල අතර වාර්ෂිකව සංවිධානය කළ හරිත සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය තෙවැනි වරටත් බිංගිරිය ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කොරෝනා වයිරසයේ බලපෑමෙන් රට වසා දැමීමට පෙර පැවැති මෙම තරගයේදී බිංගිරිය ජාතික පාසැල් කණ්ඩායම විසින් කඩුලු 7 ක ජයක් ලබාගන්නා ලදී.

කාසියේ වාසිය හිමිකරගත් බිංගිරිය කණ්ඩායම් නායක දිල්ෂාන් ප්‍රදීප් පන්දුවට පහරදීම සඳහා පඬුවස්නුවර ජාතික පාසලට ආරාධනා කළේය.

පඬුවස්නුවර ජාතික පාසල් කණ්ඩායම ඕවර 24.5 කදී සියලු දෙනා දැවී ලකුණු 163 ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස පිටියට පිවිසි බිංගිරිය ජාතික පාසල් කණ්ඩායම කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 165 රැස්කර ගැනීමට සමත්විය.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය බිංගිරිය කණ්ඩායමේ නායක දිල්ෂාන් ප්‍රදීප් විසින් දිනාගන්නා ලදි. දක්ෂතම පිතිකරු ලෙස බිංගිරිය කණ්ඩායමේ දිනාජ් ගයන්ජද, හොඳම පන්දු යවන්නා ලෙස එම කණ්ඩායමේ ඉමාල් තනුෂ ද ත්‍යාග දිනා ගත්හ.

දක්ෂතම පන්දු රකින්නා සම්මානය හිමිකරගනු ලැබුවේ පඬුවස්නුවර කණ්ඩායමේ දෙනුල චතුමාල් විසිනි.

 


අදහස් (0)

බිංගිරිය ජාතික පාසැලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.