වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ටීජේ ලංකා කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය. වෙළඳසේවා ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 82 ක ජයක් හිමිකර ගැනීමට ටීජේ ලංකා කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සදහා ඕවර 42 කදී ලකුණු 267 ක ඉලක්කයක් හඹාගියද ක්‍රීඩාපිටිය දැඩි අඳුරකින් වෙළාගැනිම හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. තරගය නතර කරනවිට පන්දුවට පහරදුන් එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායමට ඕවර 25 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 125 ක් පමණි.
තරගය ජයගැනීමටනම් එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 25 ක් අවසානයේ ලකුණු 208 ක් රැස්කර ගැනීමට අවශ්‍යව තිබුණි.
ක්‍රීඩා පිටිය වටා පැවැති දැඩි අඳුරු ස්භාවය හේතුවෙන් 19 වැනි ඕවරයේ සිය පන්දු යැවීමට පැමිණි ලසිත් මාලිංග දගපන්දු යවමින් ඕවර 4 කදී ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගත්තේය.
පළමුව පන්දුවට පහරදුන් ටීජේ ලංකා කණ්ඩායම ඕවර 38.4 කදී සියලුදෙනා දැවී ලකුණු 266 ක් රැස්කළ අතර ශාලික කරුණානායක, සචිත්ර සේනානායක සහ ඩිලාන් ජයලත් අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. ශාලික කරුණානායක පන්දු 40 කදී ලකුණු 68 ක්ද, සචිත්ර සේනානායක පන්දු 45 කදී ලකුණු 67 ක් සහ ඩිලාන් ජයලත් පන්දු 62 කදී ලකුණු 51 ක්ද රැස්කිරීමට සමත්වූහ.
සහන් ආරච්චිගේ කඩුලු 3 ක් සහ චරිත් සුධාරක කඩුලු 2 ක් දවාගනිමින් එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පෙරදින රාත්‍රියේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර තරගය එක් පිලකට ඕවර 42 කට සිමාවිය.
ටීජේ ලංකා - ඕවර 38.4 කදී සියලුදෙනා දැවී ලකුණු 266
(ශාලික කරුණානායක 68, සචිත්ර සේනානායක 67, ඩිලාන් ජයලත් 51, සහන් ආරච්චිගේ 53/3, චරිත් සුධාරක 39/2)
එල්.බී. ෆිනෑන්ස් - ඕවර 25 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 125
(සහන් ආරච්චිගේ 26, කුසල් මෙන්ඩිස් 24, ප්‍රියමාල් පෙරේරා 24, සචිත්ර සේනානායක 35/3, ලසිත් මාලිංග 22/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.