Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තාන් සුපිරි ලීගයත් කල්යයි
ඉන්දු - පාකිස්තානු යුද්ධය

පාකිස්තාන් සුපිරි ලීගයත් කල්යයි

editorial - 2025 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින යුද වාතාවරණය උණුසුම් වීමත් සමගින් 2025 පී.එස්.එල්. (පාකිස්තානු සුපිරි ලීගය) තරගාවලියේ ඉතිරි කොටස දින නියමයක් නොමැතිව කල් දමා ඇත. ඉන්දියානු - පකිස්තානු දේශසීමාවේ පවතින උණුසුම “වඩාත් නරක අතට හැරීම” ප්‍රධාන හේතුව ලෙසින් සඳහන් කරන පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය, පකිස්තානු අගමැති ෂාබාස් ෂරීෆ් මහතාගේ උපදෙස් මත තමන් ක්‍රියා කළ බව ද නිවේදනය කරයි. 

යුද උණුසුම වර්ධනය වීම හේතුවෙන් ඉන්දීය ප්‍රධානතම ලීගය ද (අයි.පී.එල්.) සතියකින් කල්දමා තිබේ. එහෙත් වඩාත් සාධාරණ සිතුවම වන්නේ අයි.පී.එල්. තරගාවලියත් දින නියමයක් නොමැතිව කල් යාමයි. 

“(පී.එස්.එල්.) තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ගේ මානසික යහපැවැත්ම වගේම අපගේ විදේශීය ක්‍රීඩකයින්ගේ හැඟීම් කෙරෙහිත් අප අවංක ගෞරවයක් දක්වනවා. ඇරත් තමන්ගේ ආදරණීයයන් නැවතත් ගෙදර ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයන්ගේ පවුල්වල උදවියගේ අදහස් වලට අපි ගරු කරනවා” යයි ද පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල නිවේදනයෙන් කියැවේ. 

පාකිස්තානු සුපිරි ලීගයේ ඉතිරි තරඟ අට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන බව නිවේදනය කළත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊට කැමැත්ත පළකර නැත. එබැවින් පාකිස්තානු සුපිරි ලීගය නැවත ආරම්භ වන දිනයක් හෝ ස්ථානයක් තවමත් සඳහන් නොවේ. 

විදේශීය ක්‍රීඩකයින් මෙන්ම දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වීසා ලබාගෙන සිටින පාකිස්තානු ක්‍රීඩකයෝත් සිකුරාදා රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව යාමට සූදානමින් සිටියහ. එහෙත් නවතම තත්ත්වය වන්නේ පාකිස්තිනු සුපිරි ලීගයේ කණ්ඩායම් වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමයි. විදේශීය ක්‍රීඩකයෝ වහ වහාම තම තමන්ගේ නිවෙස් බලා යාමට කටයුතු සූදානම් කර කරති. 

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය බ්‍රහස්පතින්දා ඉස්ලාමාබාද් නුවරදී හදිසි රැස්වීමක් පැවැත්වූ අතර, පාකිස්තානු ක්‍රිකට් සභාපති මොසින් නක්වි මහතාද එතැන සිටියේය. මෙම රැස්වීමේදී පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා විදේශීය ක්‍රීඩකයින් හමුවිය.

අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තානු සුපිරි ලීගයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉඩකඩ සලසා දීමෙන් ඉන්දියාව අමනාප කරගැනීමට ආරාබියේ ක්‍රිකට් බලධාරීන් සූදානම් නැති බවයි. 


- 213


අදහස් (0)

පාකිස්තාන් සුපිරි ලීගයත් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.