Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ බැංගල‍ෝර් පිල දිනවති
අයි.පී.එල්.- 2022

පන්දු යවන්නෝ බැංගල‍ෝර් පිල දිනවති

editorial - 2022 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යවන්නන්ගේ දක්ෂතාව හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව පූනේහිදී අද (4 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 49 වැනි තරගය ලකුණු 13 කින් ජය ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 160 ක් පමණි.

ඩෙවොන් කෝන්වේ පන්දු 37 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 56 ක් ද, මොයින් අලී පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 34 ක් සහ රුතුරාජ් ගයික්වාඩ් ලකුණු 28 ක් ලබාගත්තද චෙන්නායි පිලේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වලතාවයත්, බැංගලෝර් පන්දු යවන්නන්ගේ දක්ෂතාවත් හේතුවෙන් චෙන්නායි පිලට පරාජය උරුම විය. ඒ අනුව කඩයිම් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි පිලට තිබූ අවස්ථාව තවත් දුරස්ව ගියේය.

හර්ෂල් පතෙල් කඩුලු 3 ක් සහ ග්ලෙන් මැක්ස්වෙල් කඩුලු 2 ක් දවාගනිමින් බැංගලෝර් පිලේ ජයග්‍රහණයට දායක වූහ. ඕවර 3 ක් යැවූ වනිඳු හසරංග ලකුණු 31 කට කඩුල්ලක් දවාගත්තේය. 

කාසියේ වාසිය දිනූ චෙන්නායි පිලේ ආරාධනයෙන් පළමු පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 173 ක් ලබාගැනීමට සමත්විය.

මහිපාල් ලොම්රෝර් පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 42 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. ඊට අමතරව අතර විරාට් කෝලි ලකුණු 30 ක්, ෆෆ් ඩු ප්ලෙසීස් ලකුණු 38 ක්, රාජත් පටිදාර් ලකුණු 21 ක් සහ ඩිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 26 ක් ලබාගනිමින් බැංගලෝර් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

ඕවර 4 ක් යවමින් ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට මහීෂ් තීක්‍ෂණ සමත්විය. බැංගලෝර් පිලේ 19 වැනි ඕවරය ලකුණු 2කට සීමා කළ තීක්‍ෂණ කඩුලු 3 ක් දවාගත්තේය.


රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 173
(විරාට් කෝලි 30, ෆෆ් ඩු ප්ලෙසීස් 38, මහිපාල් ලොම්රෝර් 42, රාජත් පටිදාර් 21, ඩිනේෂ් කාර්තික් නොදැවී 26, මහීෂ් තීක්‍ෂණ 27/3, මොයින් අලී 28/2)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 160

(රුතුරාජ් ගයික්වාඩ් 28, ඩෙවෝන් කෝන්වේ 56, මොයින් අලී 34, හර්ෂල් පතෙල් 35/3, ග්ලෙන් මැක්ස්වෙල් 22/2)

 

- 2079


අදහස් (0)

පන්දු යවන්නෝ බැංගල‍ෝර් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.