Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 35 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (23 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 8 තියුණු ජයක් ලැබීමට ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී ගුජරාට් කණ්ඩායම ලැබූ 6 වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග යළිත් වරක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ඔවුන්ට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා කණ්ඩායමට ගුජරාට් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කඩුලු 8 ක් දැවී ඕවර 20 අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි. මොහොමඩ් සාමි, රෂීඩ් ඛාන් සහ යෂ් දයාල් කඩුලු 2 බැගින් බිඳහෙළමින් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
එහිදී රිංකු සිං පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 35 ක්ද, ඔන්ඩි්‍ර රසල් පන්දු 25 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමග වේගවත් ලකුණු 48 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට කොල්කටා කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 156 ක් ලබාගත්තේය. එහිදී ගුජරාට් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 49 කින් ලකුණු 67 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
රිධිමන් සාහා (25) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පාණ්ඩ්‍යා, ඉන් නොනැවතී ඩේවිඩ මිලර් (27) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
පන්දු 25 කදී වාර්තා වූ සාහාගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත වූ අතර පන්දු 20 කදී වාර්තා වූ මිලර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය. රාහුල් තේවතියා පන්දු 12 කින් ලකුණු 17 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටිම් සවුති සිය ඕවර 4 ලකුණු 24 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේය. ඉනිමේ අවසන් ඕවරය යැවීම සඳහා කැඳවූ ඔන්ඩි්‍ර රසල් එම ඕවරයේ පළමු, දෙවැනි, පස්වැනි සහ හයවැනි පන්දුවලදී කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.
ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 156
(රිධිමන් සාහා 25, හර්දික් පාණ්ඩ්‍යා 67, ඩේවිඩ් මිලර් 27, රාහුල් තේවතියා 17, ඔන්ඩ්‍රි රසල් 05/4, ටිම් සවුති 24/3)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 148
(රිංකු සිං 35, වෙන්කටේෂ් අයියර් 17, ඔන්ඩ්‍රි රසල් 48, උමේෂ් යාදව් නොදැවී 15, මොහොමඩ් සාමි 20/2, රෂීඩ් ඛාන් 22/2, යෂ් දයාල් 42/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.