එක්සත් අරබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේ (15 වැනිදා) පැවැති තරගයකදී කලම්බෝ ලයන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 27 ක ජයක් ලැබීමට පක්ටූන්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 112 ක ඉලක්කයක් හඹාගිය කලම්බෝ ලයන්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 84 ක් පමණි.
එහිදී වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ වනිඳු හසරංග පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 31 ක් රැස්කළද කලම්බෝ ලයන්ස් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.
එහිදී භානුක රාජපක්ෂ පන්දු 8 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 13 ක්ද, රමිත රඹුක්වැල්ල පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 18 ක්ද රැස්කළ අතර කලම්බෝ ලයන්ස් කණ්ඩායමේ සෙසු පිතිකරුවෝ ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට අසමත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පක්ටූන්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ ලකුණු 111 ක් රැස්කළ අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ටමීම් ඉක්බාල් පන්දු 27 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 56 ක් රැස්කළේය.
පක්ටූන්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ඉක්බාල්ට අනගි සහායක් දුන් අහමඞ් ශේෂාඞ් පන්දු 12 කදී ලකුණු 24 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.
කලම්බෝ ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිරත වූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 15 කට කඩුලු 2 ක්ද, ෂෙහාන් ජයසූරිය ලකුණු 19 කට කඩුලු 2 ක්ද දවාගත්හ.
පක්ටූන්ස් පිල - ඕවර 10 කදි කඩුලු 6 කට 111
(ටමීම් ඉක්බාල් 56, අහමඞ් ශේෂාඞ් 24, විශ්ව ප්‍රනාන්දු 15/2, ෂෙහාන් ජයසූරිය 19/2)
කලම්බෝ ලයන්ස් - ඕවර 10 කදි කඩුලු 7 කට 84
(භානුක රාජපක්ෂ 13, රමිත රඹුක්වැල්ල 18, තික්ෂිල ද සිල්වා 31, ලයෑම් ඬේව්සන් 6/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.