Last Update  :  2025-07-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්ත ක්‍රීඩකයෝ ඉන්දියාවට බැට දෙති

නවසීලන්ත ක්‍රීඩකයෝ ඉන්දියාවට බැට දෙති

editorial - 2019 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි පෙරහුරු තරගය ලෙස ඉන්දියාව සහ නවසීලන්තය අතර අද (25 වැනිදා) ලන්ඩන්හිදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්තය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිතිකරුවෝ ඕවර 37.1 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

මුල් කඩුලු 2 ලකුණු 37 ක් තුළ බිඳවැටුණද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 121 කදී ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක කේන් විලියම්සන් (67) සහ රොස් ටේලර් (71) නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 87 කදී වාර්තා වූ විලියම්සන්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත වූ අතර පන්දු 75 කට මුහුණදුන් ටේලර් හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය සැරසීය.

යුස්වේන්ද්‍ර චාහල්ගේ පන්දුවක් හමුවේ රෝහිත් ශර්මා අතට උඩ පන්දුවක් දෙමින් විලියම්සන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් වූ අතර රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ විරාට් කෝලි අතට උඩ පන්දුවක් දෙමින් ටේලර් දැවී ගියේ නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණයට ලකුණක් පසුපසින් සිටියදීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 39.2 ක් අවසානයේ ලකුණු 179 කට සීමා කිරීමට ටේ‍රන්ට් බෝල්ට් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ බෝල්ට්, ලකුණු 33 කට ඉන්දීය ඉනිමේ කඩුලු 4 ක් දවාගත්තේය. ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගත් ජේම්ස් නීෂම්ද, ඉන්දීය ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා බෝල්ට්ට අනගි සහායක් දුන්නේය.

ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ රවින්ද්‍ර ජදේජා පන්දු 50 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 54 ක් රැස්කළේය. ලකුණු 115 කට කඩුලු 8 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී කුල්දීප් යාදව් (19) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් එක්ව පන්දු 57 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොනැගීමටද ජදේජා සමත් විය.

හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 37 කදී ලකුණු 30 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි. නායක විරාට් කෝලි ලකුණු 18 ක්ද, මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 17 ක්ද රැස්කරද්දී දිනේෂ් කාර්තික්ට ලබාගත හැකි වූයේද ලකුණු 4 ක් පමණි. ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ශර්මා (2), ශිකර් ධවාන් (2) සහ සිවුවැනි පිතිකරු වූ ලෝකේෂ් රාහුල් (6) ද අඩු ලකුණු ලබා සිටියදී බෝල්ට්ගේ පන්දු හමුවේ දැවීයෑම ඉන්දීය කණ්ඩායමට විශාල පාඩුවක් විය.


ඉන්දියාව - ඕවර 39.2 කදී සියලු දෙනා දැවී 179
(විරාට් කෝලි 18, හර්දීක් පාණ්ඩ්‍යා 30, මහේන්ද්‍ර සිං දෝනි 17, රවින්ද්‍ර ජදේජා 54, කුල්දීප් යාදව් 19, ටේ‍රන්ට් බෝල්ට් 33/4, ජේම්ස් නීෂම් 26/3)

නවසීලන්තය - ඕවර 37.1 කදී කඩුලු 4 ක් දැවී 180
(මාටින් ගප්ටිල් 22, කේන් විලියම්සන් 67, රොස් ටේලර් 71, හෙන්රි නිකලස් නොදැවී 15)

 

-036

 


අදහස් (0)

නවසීලන්ත ක්‍රීඩකයෝ ඉන්දියාවට බැට දෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.