Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ති‍්‍රත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ති‍්‍රත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

Dilrukshi - 2015 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වයස 17 න් පහළ ‘සිංගර් කුසලන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ ෂ කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉකුත් වසරේ අනුශූරයන් වූ මහනුවර ති‍්‍රත්ව විදුහල සමත් විය.

මහනුවර, අස්ගිරියේදී ඊයේ (27 වැනිදා) පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කෝට්ටේ ජනාධිපති විදුහල කඩුලූ 8 කින් පරාජය කරමින් ති‍්‍රත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.


තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 74 ක පහසු ඉලක්කය  ඕවර 11.5 ක් අවසානයේ කඩුලූ 5 ක් දැවී සම්පූර්ණ කිරීමට ති‍්‍රත්ව විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.


පළමුවෙන් පන්දුවට පහරදුන් කෝට්ටේ ජනාධිපති විදුහලට  ඕවර 16.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැුස්කරගත හැකිවූයේ ලකුණු 73 ක් පමණි.


මෙම තරගායේදී ලකුණු 9 කට කඩුලූ 4 ක් දවාගනිමින් සහ ලකුණු 38 ක් රැුස්කරමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට මහනුවර ති‍්‍රත්ව විදුහලේ ශන්මුගනාතන් ශනෝගීත් සමත් විය.


කෝට්ටේ ජනාධිපති විදුහල -  ඕවර 16.3 කදී සියලූ දෙනා දැවී 73


(රිෆාස් මොහොමඞ් නොදැවී 15, දිල්ෂාන් සිගේරා 14, ශන්මුගනාතන් ශනෝගීත් 9/4, රශ්මික දිල්ෂාන් 26/3, හසිත බෝයගොඩ 16/2)

ති‍්‍රත්ව විදුහල -  ඕවර 11.5 කදී කඩුලූ 5 ක් දැවී 74

(ශන්මුගනාතන් ශනෝගීත් 38, හසින්ත ජයසූරිය 19, චමෝද් වික‍්‍රමසූරිය 34/4)

 


අදහස් (0)

ති‍්‍රත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.