අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට මහනුවර ත‍්‍රිත්ව විදුහල සමත් විය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (12) පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ලකණු 80 කින් මොරටුව වේල්ස් කුමාර විදුහල පරාජය කිරීමට සමත් වූහ.
ලකුණු 270 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය වේල්ස් කුමර විදුහල් ඉනිම ඕවර 47.4 කදී ලකුණු 189 කට සීමා කිරීමට ත‍්‍රිත්ව විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ.
මෙහිදී ත‍්‍රිත්ව විදුහල් පිලේ ශන්මුගනාදන් ශනෝගීත් තුන් ඉරියව් දස්කම් දක්වමින් ජයග‍්‍රහණයේ ප‍්‍රධානතම කොටස්කරු බවට පත්විය.
ආරම්භක පිතිකරු ශන්මුගනාදන් ශනෝගීත් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 81 කදී හතරේ සහ හයේ පහර 7 බැගින් අන්තර්ගතකරමින් රැස්කළ ලකුණු 100 වේල්ස් කුමර විදුහලට දැඩි පීඩනයක් බවට පත්විය.
ශන්මුගනාදන් ශනෝගීත් පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 39 කට කඩුලූ 3 ක් දවා ගැනීමට ද සමත් විය. වේල්ස් කුමර විදුහල වෙනුවෙන් ජයසිංඛ ප‍්‍රනාන්දු පන්දු 109 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 46 ක් රැස් කළේය.
| ලකුණු පුවරුව | |
| ත‍්‍රිත්ව විදුහල | |
| ශන්මුගනාදන් ශනෝගීත් - ස්ටම්ප් පීරිස් ප. ජයසංඛ | 100 |
| හසින්ත ජයසූරිය - ඇ. ජයසිංඛ ප. සසංග | 20 |
| පූර්ණ වනසේකර - දුවද්දී දැවී ගියා | 13 |
| හසිත බෝයගොඩ - ප. සසංග | 15 |
| චානුක බණ්ඩාර - ඇ. සනෝජ් ප. ජයසංඛ | 7 |
| ත්‍යාගරාජා බනුගෝබන් - ක. මූ. කළා ප. සහන් | 46 |
| තිසරු ඩිල්ෂාන් - ඇ. ජයසංඛ ප. සසංග | 12 |
| තවෝන් පර්සිවෙල් - නොදැවී | 16 |
| ශෂ්මිත වෛද්‍යතිලක - නොදැවී | 10 |
| අතිරේක | 30 |
| එකතුව ඕවර 50 යේදී කඩුලූ 7 ක් දැවී | 269 |
| පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ: | |
| මොහොමඞ් සුහයිබ්, කේ. යූ. ද සොයිසා | |
| කඩුලූ වැටීම: | |
| 1-81(හසින්ත ජයසූරිය), 2-147(ශන්මුගනාදන් ශනෝගීත්), 3-157(පූර්ණ වනසේකර), 4-167(චානුක බණ්ඩාර), 5-188(හසිත බෝයගොඩ), 6-214(තිසරු ඩිල්ෂාන්), 7-252(ත්‍යාගරාජා බනුගෝබන්) | |
| පන්දු යැවීම: | |
| සහන් රෂ්මික: 5-0-51-1, සඳරුවන් ප‍්‍රනාන්දු: 7-0-45-0, සසංග පීරිස්: 10-0-42-3, ජයසංඛ ප‍්‍රනාන්දු: 10-1-24-2, චානක වනිගසූරිය: 9-1-30-0, සනෝජ් දර්ශික: 6-0-53-0, රවිඳු රෝචන: 1-0-12-0, තරිඳු සංකල්ප: 2-0-7-0 | |
| වේල්ස් කුමර විදුහල | |
| සහන් රෂ්මික - ප. තවෝන් | 6 |
| රුක්‍ෂාන් විජේවර්ධන - ක. මූ. කළා ප. ශනෝගීත් | 17 |
| ජයසිංඛ ප‍්‍රනාන්දු - ඇ. තවෝන් ප. ශනෝගීත් | 46 |
| චතුරංග පීරිස් - ස්ටම්ප් පූර්ණ ප. ශනෝගීත් | 25 |
| සසංග පීරිස් - ක. මූ. කළා ප. හසිත | 1 |
| කනීෂ් ප‍්‍රනාන්දු - ඇ. පූර්ණ ප. සෂ්මික | 14 |
| රවිඳු රෝචන - ප. බනුගෝබන් | 23 |
| සනෝජ් දර්ශික - ඇ. හසින්ත ප. සුහයිබ් | 7 |
| සඳරුවන් ප‍්‍රනාන්දු - ස්ටම්ප් පූර්ණ ප. හසිත | 3 |
| චානක වනිගසූරිය - නොදැවී | 7 |
| තරිඳු සංකල්ප - ප. හසිත | 17 |
| අතිරේක | 24 |
| එකතුව ඕවර 47.4 කදී සියලූ දෙනා දැවී | 189 |
| කඩුලූ වැටීම: | |
| 1-12 (සහන් රෂ්මික), 2-36 (රුක්‍ෂාන් විජේවර්ධන), 3-70 (චතුරංග පීරිස්), 4-73 (සසංග පීරිස්), 5-95 (කනීෂ් ප‍්‍රනාන්දු), 6-130 (රවිඳු රෝචන), 7-154 (සනෝජ් දර්ශික), 8-165 (සඳරුවන් ප‍්‍රනාන්දු), 9-163 (ජයසිංඛ ප‍්‍රනාන්දු), 10-189 (තරිඳු සංකල්ප) | |
| පන්දු යැවීම: | |
| තිසරු ඩිල්ෂාන්: 6-0-28-0, තවෝන් පර්සිවෙල්: 6-1-23-1, ශන්මුගනාදන් ශනෝගීත්: 10-1-39-3, හසිත බෝයගොඩ: 9.4-3-28-3, ශෂ්මිත වෛද්‍යතිලක: 8-0-43-1, ත්‍යාගරාජා බනුගෝබන්: 5-1-16-1, මොහොමඞ් සුහයිබ්: 3-0-4-1 | |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.