Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තෝමසුවෝ ග්‍රහණය දැඩිකරති

තෝමසුවෝ ග්‍රහණය දැඩිකරති

ශනුක අරවින්ද - 2018 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වමතින් පාදඟ පන්දු යවන ක්‍රීඩක මනුල පෙරේරාගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 139 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 166 ක් පමණි. තණතිල්ලේ පන්දුව හැසිරෙන ආකාරය අනුව තවත් දුරටත් පන්දුවට පහරදීමට වඩා පන්දු යැවීම යෝග්‍ය යැයි සිතූ ශාන්ත තෝමස් විද්‍යාලීය නායකයා පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

ලකුණු 34 ක් රැස්කළ සිතාර හපුහින්න ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

තරගයේ පළමු දිනය වූ අද (9 වැනිදා) ක්‍රීඩාව අවසන් වනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි කොළඹ රාජකීය විද්‍යාලයේ කඩුලු 3 ක් ලකුණු 33 ක් තුළ දවාගනිමින් තරගයේ වැඩි වාසී අත්කර ගැනීමට ශාන්ත තෝමස් පන්දු යවන්නෝ සමත්වූහ.

වමතින් පාදඟ පන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ශාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා රාජකීය විද්‍යාලය තවත් ලකුණු 133 ක් පසුපසින් සිටී.

‘නිල් මහ සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය තුන්දින තරගයක් වන අතර හෙට (10 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.

ශා.තෝමස් විද්‍යාලය - ඕවර 64.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 166
(සිතාර හපුහින්න 34, මන්තිල විජේරත්න 24, මනුල පෙරේරා 43/5)

රාජකීය විද්‍යාලය - ඕවර 15 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 33
(කළන පෙරේරා 16/3)

 


අදහස් (0)

තෝමසුවෝ ග්‍රහණය දැඩිකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.