Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකා, ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (11 වැනිදා) සමත් විය. අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 97 ක පහසු ජයක් වාර්තා කරමින් ඉන්දීය ක්‍රීඩිකාවෝ ශූරතාවට හිමිකම් කීහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 343 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 245 ක් පමණි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා දක්ෂ පන්දු යැවීම්හි නිතර වූ ස්නේහා රානා ලකුණු 38 කට කඩුලු 4 ක්ද, අමන්ජෝත් කෞර් ලකුණු 54 කට කඩුලු 3 ක්ද බිඳහෙළීමට සමත් වූහ.
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් ලකුණක් හෝ එක්වීමට පෙරාතුව හසිනි පෙරේරා (0) පිටියෙන් ඉවත්ව ගියේ අමන්ජෝත් කෞර්ගේ පන්දුවකට ඩ්‍රයිව් පහරක් ගැසීමට යෑමේදී පිත්ත මඟහැරී ගිය පන්දුව පිට ඉන්නේ දැවටීම හේතුවෙනි. කෙසේ වුවත් තෙවැනි පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි චමරි අතපත්තු එතැන් පටන් කණ්ඩායමේ වගකීම සිය කර මතට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 120 ක් දක්වා රැගෙන ගියාය.
එහිදී විෂ්මි ගුණරත්න (36) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගූ චමරි, විෂ්මිගේ දැවී යෑමෙන් අනතුරුව නිලක්ෂි ද සිල්වා (48) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන්ද පන්දු 37 ලකුණු 53 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවාය. පන්දු 66 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 51 ක් ලබා සිටියදී චමරි දැවී ගියේ ස්නේහා රානාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.
අමන්ජෝත්ගේ දෙවැනි ගොදුර බවට පත්වන විට පන්දු 41 කට මුහුණදී සිටි විෂ්මිගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත වී තිබිණි. පිතිකාරිණී ලැයිස්තුවේ උසස්වීමක් ලබා පන්දුවට පහර දීමට පැමිණි නිලක්ෂි ද සිල්වා, නායිකාවගේ දැවී යෑමෙන් අනතුරුව හර්ෂිතා සමරවික්‍රම (26) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකණු 52 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමේ උත්සාහයක නිරත වූවාය.
කෙසේ වුවත් අමන්‍ජෝත්ගේ පන්දුවක් හමුවේ ස්විච් හිට් පහරකින් පන්දුව හතරේ සීමාව කරා යැවීමට ගත් උත්සාහකයක් වැරදී යෑම නිසා හර්ෂිතා දැවී ගියේ එම උත්සාහය අසාර්ථක කරමිනි. එතැන් සිට පන්දු 9 ක් තුළ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවද සුනිවිසුණු කරමින් නිලක්ෂිද පිටියෙන් ඉවත්ව ගියේ සීමා ඉරෙන් ඉවතට පැන එල්ල කළ පහරින් ඉහළින් ඇදී ගිය පන්දුව ලෝන් ඕෆ් කළාපයේ සිට උඩ පන්දුවක් ලෙස රැකගැනීමට හර්ලීන් ඩියෝල් සමත් වීම හේතුවෙනි.
ඉනිමේ අවසන් භාගෙයේදී පිටියේ එක්වූ අනුෂ්කා සංජීවනී (28) සහ සුගන්දිකා කුමාරි (27) අටවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගුවද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනන යෑමට එම සම්බන්ධතාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. පන්දු 41 කදී වාර්තා වූ අනුෂ්කාගේ ඉනිම හතරේ පහර 2 කින්ද, පන්දු 29 කදී වාර්තා වූ සුගන්දිගේ ඉනිම හතරේ පහර 5 කින්ද සමන්විත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 342 ක් ලබාගැනීමට සමත් විය. එහිදී ඉන්දීය ඉනිමේ මුදුන් මූලය බවට පත්වූ ආරම්භක පිතිකාරිණී ස්ම්‍රිති මන්දනා පන්දු 101 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමග ලකුණු 116 ක් රැස්කරමින් සිය 11 වැනි එක්දින ශතකය ලබාගත්‍තාය.
ලකුණු 21 ක් ලබා සිටියදී ඉනෝකා රණවීරගේ පන්දුවක් හමුවේ ලබාදුන් උඩ පන්දුවක් මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි පියුමි වත්සලා අතින් ගිළිහී යෑමත් සමග මන්දනාට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව හිමිවිය. ඉන්දීය ඉනිමේ 10 වැනි ඕවරයේදී හිමිවූ එම අවස්ථාවෙන් නිසි ඵල නෙළාගත් මන්දනා, 31 වැනි ඕවරයේදී චමරි අතපත්තුගේ පන්දු හමුවේ පිට පිටම හතරේ පහර 4 ක් එල්ල කරමින් ශතකය පසුකර යෑමට සමත් වූවාය.
ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 48 ක්ව තිබියදී උඩ පන්දුව ලබාදුන් මන්දනා, ලකුණු සංඛ්‍යාව 200 සීමාවට ඔන්න මෙන්න තිබියදී දෙව්මි විහන්ගාගේ පන්දුවක් හමුවේ දැවී ගියේ බැක්වඩ් පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි හර්ෂිතා සමරවික්‍රම අතට උඩ පන්දුවක් දෙමිනි. ඒ වන විට ඇගේ උඩ පන්දුව අතහැරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබූ පාඩුව තක්සේරු කළ නොහැකි තරම් විය.
ආරම්භක කඩුල්ල වෙනුවෙන් ප්‍රතිකා රාවල් (30) සමග එක්ව පන්දු 89 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මන්දනා, ඉන් නොනැවතී දෙවැනි කඩුල්ල වෙනුවෙන් හර්ලීන් ඩියොල් (47) සමග එක්ව පන්දු 106 කදී ලකුණු 120 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය. පන්දු 49 කදී වාර්තා වූ රාවල්ගේ ඉනිම හතරේ පහර 2 කින්ද, පන්දු 56 කදී වාර්තා වූ ඩියෝල්ගේ ඉනිම හතරේ පහර 4 කින්ද සමන්විත විය.
මන්දනාගේ උඩ පන්දුව බිම දැමුවද, ඉනෝකා රණවීරගේ පන්දුවක් හමුවේ ප්‍රතිකා රාවල් දවාගනිමින් පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිඳදැමීම සඳහා මිඩ් ඕන් කළාපයේ සිට ඉදිරියට පැන අගනා උඩ පන්දුවක් රැකගැනීමට පියුම් වත්සලා සමත් වූවාය. හර්ලීන් ඩියෝල් අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී දැවී ගියේ දෙව්මි විහන්ගාගේ පන්දුවක් හමුවේ ඇය අතටම පහසු උඩ පන්දුවක් ලබා දෙමිනි.
මන්දනාගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි නායිකා හර්මන්ප්‍රීත් කෞර් පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක් රැස්කළාය. එහෙත් සුගන්දිකා කුමාරිගේ පන්දුවක් හමුවේ ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමේදී පිත්තේ දාරයේ වැදී ඉහළ ඇදී ගිය පන්දුව ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි මල්කි මදාරාගේ දැත් අතර සිරවීමත් සමග ඉන්දීය නායිකාවගේ ඉනිම නිමාවට පත් විය.
පන්දු 29 කදී හතරේ පහර 4 ක් සමග වේගවත් ලකුණු 44 ක් රැස්කළ ජෙමීමා රොඩ්‍රිගස්, සුගන්දිකා කුමාරිගේ පන්දුවක් හමුවේ හයේ පහරක් එල්ල කරමින් අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට ගත් උත්සාහයක් අසාර්ථක වූයේ ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි නිලක්ෂි ද සිල්වා එය උඩ පන්දුවක් බවට පත්කර ගැනීමත් සමගිනි. ජෙමීමාගේ දැවී යෑමත් සමග ඉන්දීය කාන්තා ලකුණු පුවරුව ලකුණු 304 කට කඩුලු 6 ක් බවට පත් විය.
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයන්හි නිරත වූ අමන්ජෝත් කෞර් පන්දු 12 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 18 ක්ද, දීප්ති ශර්මා පන්දු 14 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 20 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ලකුණු 350 සීමාව ආසන්නයටම කැඳවාගෙන ගියහ. මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සෑම දෙනාටම පාහේ අත දිගහැර පහරදීමට ඉන්දීය පිතිකාරිණියන් කටයුතු කළ බව දැකගත හැකි විය.
ඉන්දීය කාන්තා පිල
ප්‍රතිකා රාවල් - ඇ.පියුමි ප.රණවීර 30
ස්ම්‍රිති මන්දනා - ඇ.හර්ෂිතා ප.විහන්ගා 116
හර්ලීන් ඩියෝල් - ඇ. සහ ප.විහන්ගා 47
හර්මන්ප්‍රීත් කෞර් - ඇ.මල්කි ප.කුමාරි 41
ජෙමීමා රොඩ්‍රිගස් - ඇ.නිලක්ෂි ප.කුමාරි 44
රිචා ඝෝෂ් - ඇ.හංසිමා ප.මල්කි 8
අමන්ජෝත් කෞර් - ඇ.හංසිමා ප.මල්කි 18
දීප්ති ශර්මා - නොදැවී 20
ක්‍රාන්ති ගෞඩ් - නොදැවී 0
අතිරේක 18
එකතුව ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 342
පන්දුවට පහර නොදුන් ක්‍රීඩිකාවෝ :
ස්නේහා රානා සහ ශ්‍රී චාරනි
කඩුලු වැටීම :
1-70(ප්‍රතිකා), 2-190(මන්දනා), 3-219(ඩියෝල්), 4-267(හර්මන්ප්‍රීත්),
5-294(ඝෝෂ්), 6-304(රොඩ්‍රිගස්), 7-341(අමන්ජෝත්)
පන්දු යැවීම :
මල්කි මදාරා 10-0-74-2, දෙව්මි විහන්ගා 10-0-69-2,
සුගන්දිකා කුමාරි 10-0-59-2, ඉනෝකා රණවීර 10-0-62-1,
චමරි අතපත්තු 8-0-61-0, පියුමි වත්සලා 2-0-17-0
ශ්‍රී ලංකා කාන්තා පිල
හසිනි පෙරේරා - ප.අමන්ජෝත් 0
විෂ්මි ගුණරත්න - ප.අමන්ජෝත් 36
චමරි අතපත්තු - ප.රානා 51
නිලක්ෂි ද සිල්වා - ඇ.හර්ලීන් ප.රානා 48
හර්ෂිතා සමරවික්‍රම - ඇ.ස්ම්‍රිති ප.අමන්ජෝත් 26
දෙව්මි විහන්ගා - ඇ.රානා ප.චාරනී 4
අනුෂ්කා සංජීවනී - ඇ.අමන්ජෝත් ප.රානා 28
පියුම් වත්සලා - දුවද්දී දැවී ගියා 9
සුගන්දිකා කුමාරි - දුවද්දී දැවී ගියා 27
මල්කි මදාරා - ප.රානා 0
ඉනෝකා රණවිර - නොදැවී 0
අතිරේක 16
එකතුව ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 245
කඩුලු වැටීම :
1-00(හසිනි), 2-68(විෂ්මි), 3-121(චමරි), 4-173(හර්ෂිතා),
5-178(දෙව්මි), 6-178(නිලක්ෂි), 7-192(පියුමි),
8-243(සුගන්දිකා), 9-244(මල්කි), 10-245(අනුෂ්කා)
පන්දු යැවීම :
අමන්ජෝත් කෞර් 8-0-54-3, ක්‍රාන්ති ගෞඩ් 5-0-22-0,
දීප්ති ශර්මා 10-0-43-0, ශ්‍රී චාරනි 10-0-55-1, ස්නේහා රානා 9.2-1-38-4,
ප්‍රතිකා රාවල් 5-0-18-0, හර්ලීන් ඩියෝල් 1-0-12-0
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව - ස්ම්‍රිති මන්දනා
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව - ස්නේහා රානා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.