බංගලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ‘ශාන්ත කිට්ස් සහ නෙවීස්’ පිල අතර පැවැති නිල නොවන තුන්දින තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
තරගය නිමාවන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංගලාදේශ පිල කඩුලූ 4 ක් දැවී 148 ක් ලබා සිටියේය. බංගලාදේශ පිලේ ආරම්භක පිතිකරුවන් වන ටමීම් ඉක්බාල් සහ ශම්සූර් රෙහෙමාන් පිළිවෙළින් ලකුණු 43 ක් සහ 46 ක් බැගින් ලබා සිටියදී පිටියෙන් ඉවත් වූහ.
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත කිට්ස් සහ නෙවීස් පිල සියලූ දෙනා දැවී ලකුණු 399 ක් ලබාගත්තේය. එහිදී ශිව්නරේන් චන්ද්‍රපෝල් ලකුණු 183 ක් රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. ඔහුගේ දැවැන්ත ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 20 ක් ඇතුළත් විය.
ආරම්භක පිතිකරු ෂේන් ජෙෆර්ස් හතරේ පහර 22 ක් සමගින් ලකුණු 118 ක් රැස්කළේය. රුබෙල් හුසේන්, තායිජුල් ඉස්ලාම් සහ ශුවගත හෝම් කඩුලූ 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 377 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ශාන්ත කිට්ස් සහ නෙවීස් පිලට පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියේය.
එහිදී නායක මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 106) සහ නසිර් හුසේන් (100) ශතක රැස්කළ අතර ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට ඇතිවූ සම්බන්ධතාව ලකුණු 191 කි.
මුෂ්ෆිකුර් රහීම්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත්වූ අතර නසිර් හුසේන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.
බංගලාදේශ පිල පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී ලකුණු 377
(ටමීම් ඉක්බාල් 20, ඉම්රුල් කයාස් 44, මහමදුල්ලා 27, ශුවගත හෝම් 48, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 106, නසිර් හුසේන් 100, ජෙරමියා ලෙවිස් 56/2, කුයින්ටන් බොට්ස්වේන් 47/2)
ශාන්ත කිට්ස් සහ නෙවීස් පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 399
(ශේන් ජෙෆර්ස් 118, ශිව්නරේන් චන්ද්‍රපෝල් 183, ටොනිටෝ විලියට් 21, ජෙරමියා ලූවිස් 35, ශුවගත හෝම් 48/3, රුබෙල් හුසේන් 90/3, තායිජුල් ඉස්ලාම් 109/3)
බංගලාදේශ පිල දෙැවැනි ඉනිම - කඩුලූ 4 ක් දැවී ලකුණු 148
(ටමීම් ඉක්බාල් 43, ශම්සූර් රෙහෙමාන් 46, මහමදුල්ලා 24)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.