Last Update  :  2026-02-26 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ත්‍රිත්ව විදුහලට මුල් ඉනිමේ ජය
රනිල් අබේනායක අනුස්මරණ

ත්‍රිත්ව විදුහලට මුල් ඉනිමේ ජය

editorial - 2026 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ හිටපු සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම විස්තර විචාරයකු ද වූ රනිල් අබේනායක මහතා අනුස්මරණ කිරීම පිණිස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන ‘රනිල් අබේනායක අනුස්මරණ’ කුසලාන තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මුල් ඉනිමේ ජයක් අත්කර ගත්තේය. මෙම තරගය පසුගිය 24 සහ 25 දිනවල කොළඹ බී.ආර්.සී. පිටියේදී පැවැත්විණ. 
 
කාසියේ වාසිය දිනාගත් සාන්ත තෝමස් විදුහල පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඒරන් කොඩිතුවක්කු (72 සහ 45) සහ ජේඩ්න් අමරවීර (50 සහ 68) අර්ධ ශතක ලබාගනිමින් ඉනිම දෙකේදීම පිත්තෙන් දස්කම් දැක්වූහ. කනික ඇන්තනි සහ දිනාල් ප්‍රනාන්දු හමුවේ හමුවේ සාන්ත තෝමස් පළමු ඉනිම ලකුණු 189 කට සීමාවිය. 
 
ත්‍රිත්ව විදුහල වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනකු වූ පුලිෂ තිලකරත්න (89) සහ ඇඩම් හිල්මි (32)  දස්කම් දැක්වූහ. 
 
 
සාන්ත තෝමස් විදුහල - පළමු ඉනිම 189 යි
(ඒරන් කොඩිතුවක්කු 72, ජේඩ්න් අමරවීර 50, ශනිල් පෙරේරා නොදැවී 37, කනික ඇන්තනි 66/5, දිනාල් ප්‍රනාන්දු 34/3)
 
ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 8 ට 246 යි
(පුලිෂ තිලකරත්න 89, මහේන්ද්‍ර අබේසිංහ 44, ඩිනාල් ප්‍රනාන්දු 45, ඇඩම් හිල්මි 32, අභිෂේක් පරණවිතාන 95/4, ගිම්හාන් මෙන්ඩිස් 41/3)
 
සාන්ත තෝමස් විදුහල - දෙවැනි ඉනිම කඩුලු 5 ට 182 යි
(ජේඩ්න් අමරවීර 68, ඒරන් කොඩිතුවක්කු 45, චනිරු සේනාරත්න 44/2) 
 
- 213

අදහස් (0)

ත්‍රිත්ව විදුහලට මුල් ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.