ඩෙලන් පෙරමුණට එයි
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) පස්වැනි සතිය නිමාවන විට ඡන්ද 615 ක් ලබා ගනිමින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඩෙලන් පීරිස් සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 402 කි.
ඩෙලන් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇත්තේ ඉකුත් සතිය නිමා වන විට එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා දෙවැනි ස්ථානයට ඇද දමමිනි. මේ වන විට මුලු ඡන්ද 289 ක් ලබා සිටින සචින් ගෙවී ගිය සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 18 ක් පමණි.
ඒ අනුව පළමු ස්ථානයේ පසුවන ඩෙලන් සහ දෙවැනි ස්ථානයේ පසුවන සචින් අතර පවතින පරතරය ඡන්ද 236 කි. ඩෙලන්ට වඩා ඡන්ද 431 ක් පසුපසින් සිටින කොළඹ ලුම්බිණි විදුහලේ කවීන් පීරිස් එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන අතර ඔහු ලබා සිටින මුලු ඡන්ද සංඛ්‍යාව 184 කි.
මහනුවර ධර්මරාජ විදුහලේ දුලාජ් බණ්ඩාර සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ කළණ පෙරේරා පිළිවෙලන් ඡන්ද 144 ක් සහ 75 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගෙන සිටිති.
කෝටේටේ ආනන්ද ශ්රාස්ත්රාලයේ සොනාර කරුණාතුංග ඡන්ද 155 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර රත්ගම දේවපතිරාජ විදුහලේ කවීෂා දිල්හාරි බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත්තේ ඡන්ද 39 ක් ලබාගනිමිනි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
www.dialog.lk/cricket/register යන වෙබ් අඩවියට පිවිසීමෙන් පාසල් ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට ලියාපදිංචි විය හැකිය. තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය හරහා මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ වන නමුත් නොවැම්බර් මස 30 වැනිදා දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය හැකිය.
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 ගයන්තිකා නානායක්කාර, 395, මඩවල පාර, කටුගස්තොට
2 එච්. ජී. කුලරත්න, ‘රත්න වෙළෙඳසැල’, පලවැල පාර, ඇළපාත, රත්නපුර
3 කේ. ඒ. ප්‍රනාන්දු, 40, ගොවිපළ පාර, මට්ටක්කුලිය
4 විෂ්මික අබේසේකර, 47/5, කෝනවත්ත, බෙම්මුල්ල
-036