ඩෙලන් ඡන්ද 10,000 පසු කරයි
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) 11 වැනි සතිය නිමාවන විට ඡන්ද 10,000 සීමාව පසුකර යෑමට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඩෙලන් පීරිස් සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 1864 ත් සමග මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 10,020 කි.
සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 5069 ක් වන අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ඡන්ද 1207 ක් ලබාගෙන තිබේ. ඒ අනුව පළමු ස්ථානයේ පසුවන ඩෙලන් සහ දෙවැනි ස්ථානයේ පසුවන සචින් අතර පැවැති ඡන්ද පරතරය 4294 සිට 4951 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉකුත් සතියේදී සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි කොළඹ ආනන්ද විදුහලේ අසේල් සිගේරා මේ වන විට ඡන්ද 1978 ක් ලබා සිටියි.
ගෙවී ගිය සතිය තුළදී කොළඹ ලුම්බිණි විදුහලේ කවීන් පීරිස්, පසුපසට ඇද දමමින් ඡන්ද සටහනේ ඉහළට පැමිණීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ විහන් ගුණසේකර සමත්ව තිබේ. මේ වන විට ඔවුන් දෙදෙනා පිළිවෙලින් ඡන්ද 1320 ක් සහ 1246 ක් බැගින් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථානවල රැදී සිටිති.
කොළඹ කේරි විදුහලේ දෙනුවන් පෙරේරා ඡන්ද 3807 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර කොටේටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ සොනාර කරුණාතුංග ඡන්ද 2337 ක් ලබාගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින නුගේගොඩ අනුලා විදුහලේ හර්ෂිතා සමරවික්‍රම සිය ඡන්ද සංඛ්‍යාව 3538 ක් දක්වා වර්ධනය කරගෙන ඇති අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගම්පහ රත්නාවලී විදුහලේ පබසරා රණබාහු ලබා සිටින ඡන්ද සංඛ්‍යාව 2058 කි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. www.dialog.lk/cricket යන වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමටද පාඨකයන්ට අවස්ථාව හිමිවේ.
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 වසන්ත කුමාර, 11/10, දෙමටදෙනි කන්ද, පස්යාල
2 අසෝක සිගේරා, 283/2, කොස්කුඹුර පාර, හෝනවල, කැලණිය
3 ශානි සේරසිංහ, 47/1, සේදවත්ත, වැල්ලම්පිටිය
4 දෙවින්ක පීරිස්, 7, සිල්වා මාවත, නාගොඩ, කඳාන
-036