කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ‘සහෝදරත්වයේ පාලම‘ නමින් නම්කර තිබේ. මෙම තරගය ඕවර 50 ක තරගයක් ලෙසින් මේ මස 11 වැනිදා කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සහ ශාන්ත අන්තෝනි විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය එක්ව මෙම තරගය සංවිධානය කරයි. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් බිහි කර ඇති මෙම පාසැල් දෙක අතර සබඳතා ශක්තිමත් කිරීම මෙම තරගයේ අරමුණයි.
මෙතෙක් කලක් පාසැල් දෙක අතර පැවති රග්බි තරගාවලිය, ක්‍රිකට් පිටිය දක්වා දිගු කිරීමක් ලෙස ද මෙම සුවිශේෂී තරගය කැපී පෙනෙයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.