වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ රාජගිරිය ජනාධිපති විදුහල සහ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල අතර පැවැති තරගයෙන් ජනාධිපති විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 442 ක දැවැන්ත ජයක් ලැබීමට සමත් වූහ.
මෙහිදී ජනාධිපති විදුහල් පිලේ නායක ගනිඳු හංවැල්ල පන්දු 72 කදී ලකුණු 175 ක්, හිරුණ සිගේරා පන්දු 43 කදී ලකුණු 104 ක් සහ චමෝද් වික‍්‍රමසූරිය පන්දු 38 කින් ලකුණු 102 ක් රැස්කරමින් ලකුණු 480 ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ.
ජනාධිපති විදුහලේ චමෝද් වික‍්‍රමසූරිය පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 10 කට කඩුලූ 8 ක් ද දවා ගනිමින් ජයග‍්‍රහණය පහසු කිරීමට සමත් විය.
ජනාධිපති විදුහල ඕවර 38 කදී කඩුලූ 4 ට 480
(හිරුණ සිගේරා 104, ගනිඳු හංවැල්ල 175, චමෝද් වික‍්‍රමසූරිය 102, රසිත ලක්මාල් නොදැවී 50)
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල ඕවර 6.1 කදී සියලූ දෙනා දැවී 38
(චමෝද් වික‍්‍රමසූරිය 10/8)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.