Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චමරිලාගේ මෙල්බර්න් පිල පළමු ජය ලබයි

චමරිලාගේ මෙල්බර්න් පිල පළමු ජය ලබයි

Nisanka Sandeepani - 2017 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඇඩිලේඞ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම එරෙහිව අද (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් අත්කර ගැනීමට චමරි අතපත්තු ක්‍රීඩා කරන මෙල්බර්න් රෙනෙගේඞ්ස් කණ්ඩායම සමත් විය. 

ඇඩිලේඞ්හිදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය ඇඩිලේඞ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 151 ක් පමණි. 

එහිදී මෙල්බර්න් රෙනෙගේඞ්ස් කණ්ඩායමේ මැද පෙළ පිතිකාරිණියක් ලෙස කටයුතු කළ චමරි අතපත්තු, පන්දු 8 කදී ලකුණු 8 ක් ලබා සිටියදී සොෆී ඬේවින්ගේ පන්දුවක් හමුවේ ඇලෙක්ස් ප්‍රින්ස් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියාය. 

මෙල්බර්න් රෙනෙගේඞ්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 160 
(සොෆී මොලිනෙක්ස් 28, ජෙසිකා ඩුෆින් 30, ඇමී සැටර්ත්වයිට් 49, එමා ඉන්ග්ලිස් 18, ක්ලෙයාර් කොස්කි 16, සොෆී ඬේවින් 25/2) 

ඇඩිලේඞ් ස්ට්‍රයිකර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 151 
(සුසී බේට්ස් 63, ටබාතා සෙවීලි නොදැවී 16, ලී ටාහුහු 20/2, ජෝර්ජියා වර්හැම් 24/2, ඇමී සැටර්ත්වයිට් 33/2) 

-036 


අදහස් (0)

චමරිලාගේ මෙල්බර්න් පිල පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.