චතුරංග පීරිස්ගේ (නොදැවී 107) ශතකය නිසා අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ තරගයේදී මොරටුව වේල්ස් කුමර විදුහල කඩුලූ 7 කින් මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කළේය.
මෙහිදී නායක චතුරංග පීරිස් නොදැවී ලකුණු 107 ක් රැස්කරමින් වේල්ස් කුමර විදුහල පහසු ජයක් දක්වා රැගෙන ඒමට සමත් විය.
මාරිස්ටෙලා විදුහල ඕවර 45.4 කදී සියලූ දෙනා දැවී 160
(කවිඳු සමරවීර 33, සචිඳු කොළඹගේ 20, අෂාන් ප‍්‍රනාන්දු 31, ධනුෂ්ක ප‍්‍රනාන්දු 40/3, සංජය ප‍්‍රනන්දු 22/2, සනෝජ් දර්ශක 41/2)
වේල්ස් කුමර විදුහල ඕවර 30.4 කදී කඩුලූ 3 ට 163
(චතුරංග පීරිස් නොදැවී 107, සඳුන් ජයසංඛ නොදැවී 30, අෂාන් ප‍්‍රනාන්දු 29/3)
මොවින්ගේ දස්කම් මහින්ද රාජපක්‍ෂ විදුහලට ජය ගෙනේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.