අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ හයවැනි සතිය අවසාන වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැකගැනීමට ප්‍රසාද ලකුණු 63.03 ක් ලබාගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත්විය.
තරග හයකට සහභාගිවී ඇති ගුවන් හමුදා ක්‍රීඩා සමාජය තරග දෙකක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්වී ඇති අතර තරග තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත.
ප්‍රසාද ලකුණු 55.48 ක් ලබාගත් පානදුර ක්‍රීඩා සමාජයට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිවී ඇති අතර ප්‍රසාද ලකුණු 50.95 ක් ලබාගත් ලන්කන් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇත.
| බී‘ ශ්‍රේණිය | ||||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | ත.ල.ස | වි.තො. | ලකුණු |
| ගුවන් හමුදාව | 6 | 2 | 1 | 0 | 3 | 63.03 |
| පානදුර | 6 | 1 | 1 | 0 | 4 | 55.48 |
| ලන්කන් | 5 | 1 | 0 | 0 | 4 | 50.95 |
| පොලිස් | 6 | 0 | 1 | 0 | 5 | 49.90 |
| නාවික හමුදාව | 5 | 1 | 0 | 0 | 4 | 49.26 |
| කුරුණෑගල යොවුන් | 5 | 0 | 1 | 0 | 4 | 46.21 |
| මීගමුව | 5 | 0 | 0 | 1 | 4 | 44.96 |
| ගාල්ල | 5 | 1 | 2 | 0 | 2 | 39.09 |
| කළුතර නාගරික | 5 | 0 | 0 | 1 | 4 | 34.92 |
| වි.තො. - විසදුමකින් තොර, ත.ල.ස - තරගයේ ලකුණු සමවෙයි | ||||||
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.