Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 56 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (6 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් කණ්ඩායම සමත් විය.
ගුජරාට් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 8 වැනි ජයග්‍රහණය මෙය වූ අතර මෙම ජයත් සමග මුම්බායි කණ්ඩායම පිට පිටම තරග 6 ක් ජයගනිමින් ගොඩනගා තිබූ ජයග්‍රාහී රැල්ල බිඳ දැමීමටද ගුජරාට් ක්‍රීඩකයෝ සමත් වූහ. තවද මෙම ජයත් සමග යළිත් වරක් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ගුජරාට් කණ්ඩායමට හැකි විය.
වර්ෂාව හේතුවෙන් ගුජරාට් ඉනිම ඕවර 19 කට සීමා වූ අතර එහිදී ජයග්‍රහණය සඳහා ඔවුන්ට ලකුණු 147 ක ඉලක්කයක් හිමිවිය. දීපක් චාහර් යැවූ අවසන් ඕවරයේදී ලකුණු 15 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් ගුජරාට් ක්‍රීඩකයෝ, අවසන් පන්දුවේදී ජයග්‍රාහී ලකුණ ලබාගනිමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ.
නායක ශුබ්මන් ගිල් පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 43 ක් රැස්කළ අතර ජොස් බට්ලර් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක්ද, ශර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක්ද රැස්කරමින් ගුජරාට් කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය දැක්වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 155 ක් ලබාගත්තේය. මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ විල් ජැක්ස් පන්දු 35 කින් ලකුණු 53 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. සූර්යකුමාර් යාදව් පන්දු 24 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක් රැස්කළේය.
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 155
(විල් ජැක්ස් 53, සූර්යකුමාර් යාදව් 35, කෝබින් බොස්ච් 27, සායි කිෂෝර් 34/2)
ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 19 කදී කඩුලු 7 ක් දැවී 147
(ශුබ්මන් ගිල් 43, ජොස් බට්ලර් 30, ශර්ෆේන් රදර්ෆර්ඩ් 28, ජස්ප්‍රීට් බුම්රා 19/2, ට්‍රෙන්ට් බෝල්ට් 22/2, අෂ්වනී කුමාර් 28/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.