Last Update  :  2025-10-25 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගන්තිරියාගම මහින්ද විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට
15න් පහළ III වැනි කොටසේ ක්‍රිකට්

ගන්තිරියාගම මහින්ද විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2025 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉපලෝගම ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය සමත්විය.

උතුරු මැද පළාතේ අනුරාධපුර ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය තරගාවලියේ හයවැනි වටයේදී අම්පාර ගාමිණි විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

අම්පාරේදී පැවැති මෙම තරගයේදී ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය වෙනුවෙන් නායක මනුජ ජයසිංහ  පිත්තෙන් දස්කම් දැක්වීය.


අම්පාර ගාමිණී මහා විද්‍යාලය - පළමු ඉනිම 187 
(සඳපවන් ජයතිලක 61, ඩිල්ෂාන් රාජපක්ෂ 24, දුලාජ් ගිහාන් 24, ඔසද ගීතාංජන 21/4, නෙතුල් යෙවිංක 37/3, සයුල් සමරකෝන් 27/3)

ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 6 ට 270 යි 
(මනුජ ජයසිංහ 86, අනුහස් අෂින්ත නොදැවී 39, දිනිදු සුරවීර 38, නෙතුල් යෙවිංක 30, සිහින හසරැල් 29, දුලාජ් ගිහාන් 24/2, තේනුක් නෙත්සර 30/2, සවිඳු අංජන 31/2)


අදහස් (0)

ගන්තිරියාගම මහින්ද විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.