Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 47 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 10 කට සහභාගිවී සිටින කොල්කටා කණ්ඩායම එහිදී ලැබූ සිවුවැනි ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කයක පසුකර ගියහ. 19 වැනි ඕවරයේ පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කළ නිතිෂ් රානා (නොදැවී 48), සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. එම හයේ පහරත් සමග හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් රානාගේ ඉනිම සමන්විත විය.
නායක ශ්‍රෙයාස් අයියර් (34) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රානා, ඉන් නොනැවතී රිංකු සිං (නොදැවී 42) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 66 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.
එහිදී පන්දු 23 කට මුහුණදුන් රිංකු සිං හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සිය ඉනිම අලංකාර කළ අතර පන්දු 32 කදී වාර්තා වූ නිතිෂ් රානාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 152 ක් ලබා ගත්තේය. එහිදී රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක සංජු සැම්සන් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 54 ක් රැස්කළේය.
අවසන් ඕවර කිහිපයේදී පන්දු 13 කින් වේගවත් ලකුණු නොදැවී 27 රැස්කිරීමට ශිම්රන් හැට්මෙයර් සමත් විය. මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින ජොස් බට්ලර්ට මෙම තරගයේදී හතරේ පහර 3 ක් සමග පන්දු 25 කින් ලබාගත හැකි වූයේ ලකුණු 22 ක් පමණි.
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 152
(ජොස් බට්ලර් 22, සංජු සැම්සන් 54, රියාන් පරාග් 19, ශිම්රන් හැට්මෙයර් නොදැවී 27, ටිම් සවුති 46/2)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 කට 158
(බාබා ඉන්ද්‍රජිත් 15, ශ්‍රෙයාස් අයියර් 34, නිතිෂ් රානා නොදැවී 48, රිංකු සිං නොදැවී 42)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.