Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොමිලා වික්ටෝරියන්ස් පිලට පහසු ජයක්

කොමිලා වික්ටෝරියන්ස් පිලට පහසු ජයක්

ශනුක අරවින්ද - 2017 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ චිතගොංග් වයිකින්ස් කණ්ඩායම සහ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම අතර ෂිලාත්හිදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හඹා ගිය කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම පන්දු 16 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

එහිදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඉම්රුල් කේයස් (නොදැවී 33) සහ මාලන් සැමුවෙල්ස් (නොදැවි 35) වික්ටෝරියන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. පන්දු 31 කදී වාර්තා වූ කේයස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් වූ අතර පන්දු 18 කදී වාර්තා වූ සැමුවෙල්ස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 48 ක් රැස්කළ ආරම්භක පිතිකරු ජොස් බට්ලර්, වික්ටෝරියන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූ අතර සුබාශිෂ් රෝයිගේ පන්දුවක් හමුවේ අර්ධ ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොංග් වයිකින්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිතර වූ ලුක් රොන්කි පන්දු 21 කදී ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

වයිකින්ස් ඉනිම ගොඩනැගීම සඳහා රොන්කිට අනගි සහායක් දුන් සෞම්‍ය සාකර් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 38 ක්ද, ඩිල්ෂාන් මුණවීර හයේ පහරක් සමගින් ලකුණු 21 ක්ද රැස්කළහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මොහොමඞ් සයිෆුඩීන් ලකුණු 24 කට කඩුලු 4 ක් දවාගත් අතර ඔහුට අනගි සහායක් දුන් ඞ්වේන් බ්‍රාවෝ ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගත්තේය.

චිතගොංග් වයිකින්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 143
(ලුක් රොන්කි 40, සෞම්‍ය සාකර් 38, ඩිල්ෂාන් මුණවීර 21, සිකන්දර් රාසා නොදැවී 18, මොහොමඞ් සයිෆුඩීන් 24/3, ඞ්වේන් බ්‍රාවෝ 29/2)

කොමිලා වික්ටෝරියන්ස් පිල - ඕවර 17.2 කදී කඩුලු 2 කට 144
(ලිටන් දාස් 23, ජොස් බට්ලර් 48, ඉම්රුල් කේයස් නොදැවී 33, මාලන් සැමුවෙල්ස් නොදැවී 35, සුබාශිෂ් රෝයි 24/2)

-036

 


අදහස් (0)

කොමිලා වික්ටෝරියන්ස් පිලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.