Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිස්ට් කිංග් විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

ක්‍රිස්ට් කිංග් විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට ජාඇල ක්‍රිස්ට් කිංග් විද්‍යාලය ඊයේ (4 වැනිදා) සමත්විය. මෙම තරගය වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජාඇල ක්‍රිස්ට් කිංග් විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ළහිරු සිල්වා (98) ශතකයට ලකුණු දෙකක් මෙපිටින් දැවීගිය අතර මදුශංක ප්‍රනාන්දු ලකුණු 25 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


බණ්ඩාරනායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 40.1 කදී සියලුදෙනා දැවී ලකුණු 165
(සජිත් මදුශංක 97, මලින්ද පෙරේරා 30/4, නිසල් මාලිංග 51/3)

ක්‍රිස්ට් කිංග් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61.2 කදී සියලුදෙනා දැවී ලකුණු 213
(ළහිරු සිල්වා 98, මලිත් නවංජන 40, නිපුන් සංතුෂ් 33/6, චතුෂ්ක කලුනායක 45/2)

බණ්ඩාරනායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 41.2 කදී සියලුදෙනා දැවී ලකුණු 116
(මළිඳු මණබරන 42, මදුශංක ප්‍රනාන්දු 25/6)

ක්‍රිස්ට් කිංග් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 17.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 69

 


අදහස් (0)

ක්‍රිස්ට් කිංග් විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.