Last Update  :  2025-05-14 17:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්ලාක් තරගයෙන් ඉවත් වෙයි

ක්ලාක් තරගයෙන් ඉවත් වෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව ඇඩිලේඞ්  ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (9 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී සිය පිට කොන්දේ තිබූ අබාධ තත්ත්වය නැවතත් ඉස්මතු වීම නිසා  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක්, වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පිටියෙන් ඉවත් විය.

ඒ අනුව මෙම තරගය සඳහා පමණක් නොව, බි‍්‍රස්බේන්හිදී පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහාද ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතී.

පිටියෙන් ඉවත්වන විට ක්ලාක්, හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 60 ක් රැස්කරගෙන සිටි අතර ඒ වන විට ඬේවිඞ් වෝනර් (145) සහ ඔහු අතර 3 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගී තිබූ සම්බන්ධතාව ලකුණු 118 කි.

පිට කොන්්දේ ආබාධ තත්ත්වය නැවතත් මතුවූ අවස්ථාවේ ක්ලාක්, පිටිය මත දිගා වූ අතර එවිට කණ්ඩායමේ වෛද්‍ය වරයා වන පීටර් බෘක්නර් සහ භෞතචිකිත්සක වරයා වන ඇලෙක්ස් කවුන්ටුවරිස් ඔහු වෙත දිවවිත් ඔහු ලවා ඇදීම් ව්‍යායාම කිහිපයක් කරවන ලදී.

036


අදහස් (0)

ක්ලාක් තරගයෙන් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.