Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කන්ද උඩරට ‘රන් හටන’ විසඳුමකින් තොරයි

කන්ද උඩරට ‘රන් හටන’ විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය සහ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 20 වැනි කන්ද උඩරට ‘රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (4 වැනිදා) අවසන්විය.    

කාසියේ වාසිය දිනාගත් මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුන් කඩුලු 9 කට ලකුණු 298 ක් රැස්කරමින් පළමු ඉනිම අත්හිටුවීය. ජනිත් හසරංග (89) අර්ධ ශතකයක් රැස්කරමින් ශ්‍රී රාහුල විද්‍යාලය ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්විය.

තෙමල් නෙරද්‍ය, චාමර බණ්ඩාර, විහඟ වීරතුංග සහ ළහිරු බණ්ඩාර කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
මධුශාන් පරණවිතානගේ සහ දිල්ශාන් අරඹේගෙදරගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී සුමංගල විද්‍යාලයට පළමු ඉනිමේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 106 ක් පමණි. පන්දුවෙන් දස්කම් දැක්වූ මධුශාන් පරණවිතාන ලකුණු 35 කට කඩුලු 5 ක් දවාගත් අතර දිල්ශාන් අරඹේගෙදර ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගත්තේය.

ශ්‍රී රාහුල විද්‍යාලය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 192 ක් පසුපසින් සිටි ශ්‍රී සුමංගල විද්‍යාලය පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි අතර තරගය නිමාවනවිට කඩුලු 5ක් දැවී ලකුණු 181 ක් රැස් කළේය.

දිල්ශාන් අරඹේගෙදර ලකුණු 54 කට කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත්විය.


ශ්‍රී රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 85.1 කදී කඩුලු 9 ක් දැවී 298
(ජනිත් හසරංග 89, මධුශාන් පරණවිතාන නොදැවී 42, මලිත් රාජපක්ෂ 30, ක්‍රිශාන්ත දිල්ශාන් 29, සයුරු ප්‍රභාෂ් 20, ගතික වික්‍රමසිංහ 20, තෙමල් නෙරද්‍ය 30/2, චාමර බණ්ඩාර 55/2, විහඟ වීරතුංග 57/2, ළහිරු බණ්ඩාර 66/2)

ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී 106
(තෙමල් නෙරද්‍ය නොදැවී 23, මධුශාන් පරණවිතාන 35/5, දිල්ශාන් අරඹේගෙදර 34/3)

ශ්‍රී සුමංගල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 83 කදී කඩුලු 5 ක් දැවී 181
(අවිශ්ක ඉරාන් 45, කාවින්ද බණ්ඩාර 38, දිල්ශාන් අරඹේගෙදර 54/3)

 


අදහස් (0)

කන්ද උඩරට ‘රන් හටන’ විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.