
අයි.සී.සී කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි වාර්ෂික යාවත්කාලීන කිරීමට වලට අනුව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණ රැක ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකිවිය. නවසීලන්තය එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණ ගන්නා විට ඉන්දියාව විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියෙන් පසුවන්නේය.
වසර ආරම්භයේ පැවැති අළුබඳුන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව 4-0ක් ජයක් සහ පකිස්ථානයේදී 1-0 ක ජයක් ලැබීමෙන් පසුව, ටෙස්ට් ශේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ සිටින ඉන්දියාවට වඩා ලකුණක් ඉදිරියෙන් ඕස්ට්‍රේලියාව පසුවිය. නමුත් වාර්ෂික යාවත්කාලීන කිරීමත් සමගින් තවත් ලකුණු 9ක් හිමිවූ ඕස්ට්‍රේලියාව ශ්‍රේණිගත ලකුණු 128 ක් දක්වා තවත් ඉදිරියට ගියේය.
වාර්ෂික යාවත්කාලීන කිරීමත් සමගින් එක් ලකුණක් හිමිවූ ඉන්දියාව ශ්‍රේණිගත ලකුණු 119 ක් හිමිකර ගනිමින් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී දෙවැනි ස්ථානයේ පසුවන්නේය.
ලකුණු 4 ක් අහිමිවූ නවසීලන්තය ශ්‍රේණිගත ලකුණු 111 ක් හිමිකර ගනිමින් තෙවැනි ස්ථානයේ පසුවන විට වාර්ෂික යාවත්කාලීන කිරීමත් සමගින් ලකුණු 8 ක් හිමිවූ දකුණු අප්‍රිකාව ශ්‍රේණිගත ලකුණු 110 ක් හිමිකරගනිමින් සිව්වැනි ස්ථානයේ පසුවන්නේය.
වාර්ෂික යාවත්කාලීන කිරීමට අනුව ලකුණු හිමි නොවූද ශ්‍රේණිගත ලකුණු 93 ක් හිමිකරගෙන සිටි පාකිස්තානය කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී එක් ස්ථානයක් ඉහළට පැමිණෙමින් 5 වැනි තැන ගෙන තිබේ. හොඳම කණ්ඩායම් 10 අතරින් තමන් රැඳී සිටි ස්ථානයේ වෙනසක් සිදුවූ එකම කණ්ඩායම පාකිස්තානය බවට පත්විය.
ලකුණු 9 ක් අහිමිවූ එංගලන්තය ශ්‍රේණීගත ලකුණු 88 ක් දක්වා පහත වැටුණු අතර 1995 න් පසුව ඔවුන්ගේ අඩුම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව වාර්තා වන්නේය. ඒ අනුව වාර්ෂික යාවත්කාලීන කිරීම් වලට අනුව ඔවුන්ට කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී 6 වැනි ස්ථානය හිමිවිය. පසුගිය වසරේ ඉන්දියාවේදී පැවැති තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 5 වැනි සහ අවසන් ටෙස්ට් තරගය කොරෝනා වයිරසය හේතුවෙන් මේ වසරේ ජූලි මාසයට කල් දැමුණු අතර එම තරගය අවසන් වීමෙන් පසුව එම තරගාවලියේ ලකුණු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට එක්වනු ඇත. මේ වනවිට ඉන්දියාව 2-1 ක් ලෙස පෙරමුණේ පසුවන්නේය.
මේ වනවිට කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී 7 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට වාර්ෂික යාවත්කාලීන කිරීමට අනුව ලකුණු හිමිනොවීය. නමුත් ශ්‍රී ලංකාව සමගින් සම ස්ථානයේ පසුවූ බටහිර ඉන්දීය කොදෙව් පිලට ලකුණු 4 ක් අහිමිවූ අතර ඔවුන් ශ්‍රේණිගත ලකුණු 77 ක් සමගින් 8 වැනි ස්ථානයේ පසුවන්නේය.
වාර්ෂික යාවත්කාලීන කිරීමට අනුව ලකුණු හිමිනොවූ බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රේණිගත ලකුණු 51 ක් හිමිකර ගනිමින් 9 වැනි ස්ථානයේ පසුවන අතර ලකුණු 6 ක් අහිමිවූ සිම්බාබ්වේ කණ්ඩායම් ශ්‍රේණිගත ලකුණු 25 ක් හිමිකර ගනිමින් 10 වැනි ස්ථානයේ පසුවන්නේය.
ශ්‍රේණිගත කිරීම් සඳහා අවශ්‍ය තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර නොතිබීම හේතුවෙන් ඇෆ්ගනාස්තානය සහ අයර්ලන්තය ශ්‍රේණිගත කිරීම් සඳහා අයත නොවන්නේය.
වාර්ෂික යාවත්කාලීන කිරීමට අනුව ශ්‍රේණිගත ලකුණු 6 ක් හිමිවූ ශ්‍රී ලංකාව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී ලකුණු 87 ක් හිමිකර ගෙන ඇත. නමුත් රැඳී සිටි ස්ථානයේ වෙනසක් සිදුනොවූ අතර 8 වැනි ස්ථානයේ රැඳී සිටින්නේය.
නමුත් විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී 10 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව වාර්ෂික යාවත්කාලීන කිරීමත් සමගින් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී 9 වැනි ස්ථානය දක්වා එක් පියවරක් ඉදිරියට පැමිණ තිබේ. කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී 8 වැනි ස්ථානයේ සිටි ඇෆ්ගනිස්තානයෙන් ලකුණු 6 ක් අහිමිවීමත් සමගින් ඔවුන් 10 වැනි ස්ථානය දක්වා පියවර 2 ක් පහත වැටී තිබේ. ඒ අනුව ඔවුන් හිමිව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 226 ක් පමණි.
ඇෆ්ගනිස්තානයේ පහත වැටීමත් සමගින් වාර්ෂික යාවත්කාලීන කිරීමට අනුව ලකුණු 2 ක් එක්වූ බංග්ලාදේශය කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී 8 වැනි ස්ථානය දක්වා පියවරක් ඉහළ ගියේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.