Last Update  :  2025-07-27 21:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාවට ලකුණු 146 ක ජයක්
අළු බඳුන

ඕස්ට්‍රේලියාවට ලකුණු 146 ක ජයක්

editorial - 2022 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේග පන්දු යවන්නන් වන ස්කොට් බෝලන්ඩ් (18/3), කැමරන් ග්‍රීන් (21/3) සහ පැට් කමින්ස්ගේ (42/3) විශිෂ්ට පන්දු යැවීම හමුවේ හෝබාර්හිදී පැවැති අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලකුණු 146 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 4-0 ක් ලෙස ජය ගැනීමටද ඕස්ට්‍රේලියාවට හැකිවිය.

ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් නායකත්වය ලබාදුන් පළමු අළු බඳුන ක්‍රිකට් තරගාවලිය ජය ගනිමින් වාර්තා පොත් අතරට එක්විය. සිව්වැනි තරගයේදී එංගලන්ත දෙවැනි ඉනිමේ අවසන් කඩුල්ල දවාගැනීමට නොහැකිවීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 5-0 ක ජයක් කරා ගෙන යෑමට තිබූ අවස්ථාව කමින්ස්ට අහිමිවිය.

තෙවැනි දිනය වූ අද (16 වැනිදා) තරගයේ සම්පූර්ණ පාලනය වේගපන්දු යවන්නන් අත වූ අතර දිනය තුලදී කඩුලු 17 ක් බිඳ වැටුණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 271 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී සිය දෙවැනි ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124 ක් පමණි.

රොරී බර්න්ස් සහ සැක් ක්‍රව්ලි සාර්ථක ආරම්භයක් ලබාදෙමින් ජයග්‍රහණය කරා යෑමට අවශ්‍ය අඩිතාලම දමාදීමට සමත්වුවද මුළු ලකුණු 68 දී රොරී බර්න්ස් දැවී යාමත් සමගින් එංගලන්ත පිලේ කඩා වැටීම ආරම්භ විය.

මුළු ලකුණු සංඛ්‍යාව 82 දී දෙවැනි කඩුල්ල ලෙස ඩේවිඩ් මලන් දැවී යාමෙන් අනතුරුව තවත් ලකුණු 42 ක් තුල ඉතිරි කඩුලු 8 ද දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.

ආරම්භක පිතිකරුවන් වූ රොරී බර්න්ස් ලකුණු 26 ක් සහ සැක් ක්‍රව්ලි ලකුණු 36 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන් ලකුණු 15 සීමාව පසු කිරීමට අවස්ථාවක් හිමිනොවූහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ස්කොට් බෝලන්ඩ්, කැමරන් ග්‍රීන් සහ පැට් කමින්ස් කඩලු 3 බැගින්ද මිචෙල් ස්ටාක් කඩුල්ලක් දවාගනිමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

දෙවැනි දිනය වූ ඊයේ (15 වැනිදා) තරගය අවසන් කරන විට ලකුණු 37 කට කඩුලු 3 ක් අහිමිකරගෙන සිටි ඕස්ට්‍රේලියාව කණ්ඩායමට අද දිනයේදී සියලුදෙනා දැවී සිය දෙවැනි ඉනිම සඳහා ලබාගැනීමට හැකි වූයේ ලකුණු 155 ක් පමණි.

මුල්පෙළ පිතිකරුවන් ආසාර්ථක වනවිට පසුපෙළ පිතිකරුවකු ලෙස පැමිණි ඇලෙක්ස් කේරී ලකුණු 49 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු ලකුණු සංඛ්‍යාව තරමක් ඉහළ දැමීමට සමත්විය.

ලකුණු 37 ක් තුල ඕස්ට්‍රේලියානු පිතිකරුවන් 6 දෙනෙකු ක්‍රීඩා පිටියෙන් ඉවත් කරමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට මාක් වුඩ් සමත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු 3 ක් සහ ක්‍රිස් වෝක්ස් කඩුල්ලක් දවා ගැනීමට සමත්වූහ.


ඕස්ට්‍රේලියා පළමු ඉනිම - සියලුදෙනා දැවී 303
එංගලන්ත පළමු ඉනිම - සියලුදෙනා දැවී 188

ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 155

(ස්ටීව් ස්මිත් 27, කැමරන් ග්‍රීන් 23, ඇලෙක්ස් කේරී 49, මාක් වුඩ් 37/6, ස්ටුවර්ට් බ්‍රෝඩ් 51/3)

එංගලන්ත දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 124

(රොරී බර්න්ස් 26, සැක් ක්‍රව්ලි 36, ස්කොට් බෝලන්ඩ් 18/3, කැමරන් ග්‍රීන් 21/3, පැට් කමින්ස් 42/3)


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට ලකුණු 146 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.