අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ හලාවත මේරියන්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී දෙවැනි දිනටත් අද (28 වැනිදා) පැවැති තරගයේ දිනය නිමාවන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි යුදහමුදා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 16 ක් රැස්කර සිටියේය.
ඊයේ දිනය නිමාවන විට ලකුණු 181 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඕෂධ ප්‍රනාන්දුට අද දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 15 ක් පමණි. ද්විත්ව ශතකයට ලකුණු 4 ක් මෙපිටින් දැවී ගිය ඕෂධ ප්‍රනාන්දු පන්දු 279 කට මුහුණදුන් අතර හයේ පහර 5 ක් සහ හතරේ පහර 19 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.
පළමු ඉනිමේදී ලකුණු 160 කට සීමාවූ යුදහමුදා කණ්ඩායම දෙවැනි ඉනිම ආරම්භ කරනවිට හලාවත මේරියන්ස් පිලට වඩා තවත් ලකුණු 385 ක් පසු පසින් සිටියේය.
බ්ලූම්ෆීල්ඞ්, එස්.එස්.සී., මග්ගොන සරේ විලේජ් සහ පී.සරා ඕවල් ක්‍රීඩාංගණ වලදී දෙවැනි දිනටත් තරග 4 ක් අද පැවැති අතර චාමර සිල්වා (මූවර්ස්) සහ චාමර කපුගෙදර (එස්.එස්.සී) ශතක රැස්කිරීමට සමත්වූහ.
හලාවත මේරියන්ස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර සහ වරාය අධිකාරීය කණ්ඩායමේ චානක කොමසාරූ කඩුලු 6 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
හලාවත මේරියන්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් 545, යුදහමුදාව 160 සහ 16/0
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 118.3 කදී සියලුදෙනා දැවී ලකුණු 545
(ශෙහාන් ජයසූරිය 118, ඕෂධ ප්‍රනාන්දු 196, සචිත්ර සේරසිංහ 65, රිසිත් උපමාල් 41, පුලින තරංග 37, ඉසුරු උදාන 56, ජනිත් ද සිල්වා 114/5, දුශාන් විමුක්ති 139/2)
යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 160
(නවෝද් ඉලුක්වත්ත 20, සංජික රිද්ම නොදැවී 35, කසුන් ද සිල්වා 27, නුවන් ලියනපතිරණ 20, මාලින්ද පුෂ්පකුමාර 56/6, අසිත ප්‍රනාන්දු 24/3)
යුදහමුදාව - දෙවැනි ඉනිම - ඕවර 8 කදී කිසිවකු නොදැවී ලකුණු 16
බ්ලූම්ෆීල්ඞ් සහ මුවර්ස් කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී
මූවර්ස් 163 සහ 296/6, බ්ලූම්ෆීල්ඞ් 213
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 43.2 කදී සියලුදෙනා දැවී ලකුණු 163
(ප්රීමෝෂ් පෙරේරා 20, ශානුක දුලාජ් 39, තරිඳු රත්නායක 36, ළහිරු සමරකෝන් 56/4, ඉම්රාන් ඛාන් 13/2, රමේෂ් මෙන්ඩිස් 73/2)
බ්ලූම්ෆීල්ඞ් - පළමු ඉනිම - ඕවර 68.3 කදී සියලුදෙනා දැවී ලකුණු 213
(නිසල් ෆ්රැන්සිස්කෝ 61, සචින් ජයවර්ධන 49, ප්‍රමෝද් හෙට්ටිවත්ත 22, මලිත් ද සිල්වා 25, සජීව වීරකෝන් 58/6, තරිඳු රත්නායක 93/2)
මූවර්ස් - දෙවැනි ඉනිම - ඕවර 65 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 296
(ප්‍රිමෝෂ් පෙරේරා 28, පබසර වඩුගේ 52, දෙනුවන් රාජකරුණා 25, චාමර සිල්වා නොදැවී 112, ශානුක දුලාජ් 23, නිපුන් කරුණානායක 44/2, මලිත් ද සිල්වා 69/2)
එස්.එස්.සී. සහ සී.සී.සී. කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
සී.සී.සී. -314, එස්.එස්.සී. 395/5
සී.සී.සී. - පළමු ඉනිම - ඕවර 80.5 කදී සියලුදෙනා දැවී ලකුණු 314
(කවීන් බණ්ඩාර 53, අශාන් ප්රියංජන් 84, මාධව වර්ණපුර නොදැවී 79, ලසිත් අබේරත්න 43, අක්තාබ් කාදර් 45/3, කසුන් මදුෂංක 33/2, සචිත්ර සේනානායක 88/2)
එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 97 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 395
(දිමුත් කරුණාරත්න 141, කෝසල කුලසේකර 30, චාමර කපුගෙදර නොදැවී 103, වනිඳු හසරංග 91/2, සචිත් පතිරණ 93/2)
බදුරලිය සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
වරාය අධිකාරිය 359, බදුරලිය 105 සහ 24/1
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 100.3 කදී සියලුදෙනා දැවී ලකුණු 359
(ගයාන් මනීෂාන් 20, යශෝධ ලංකා 20, ගිහාන් රූපසිංහ 48, ප්‍රශාන් වික්‍රමසිංහ 88, මදුක ලියනපතිරණගේ 115, අදීල් මලික් 25, අලංකාර අසංක 79/7, නිමන්ද සුභසිංහ 56/3)
බදුරලිය - පළමු ඉනිම - ඕවර 56 කදී සියලුදෙනා දැවී ලකුණු 105
(ශම්මික රුවන් 20, චානක කොමසාරූ 34/6)
බදුරලිය - දෙවැනි ඉනිම - ඕවර 14 කදී කඩුල්ලක් දැවී ලකුණු 24
ද්‍රවිඩ සංගමය සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගමය 314, බී.ආර්.සී. 220/6
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 104 කදී සියලුදෙනා දැවී ලකුණු 314
(තරංග පරණවිතාන 123, දිනෙත් තිමෝද්‍ය 57, ශාලික කරුණානායක 37, මනෝජ් සරත්චන්ද්‍ර 33, විකුම් සංජය 63/3, හිමේෂ් රාමනායක 39/2, සුරාජ් රංදීව් 81/2)
බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 73 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 220
(ශශින් දිල්රංග නොදැවී 75, සුරාජ් රංදීව් නොදැවී 93, ප්‍රමෝද් මදුශාන් 47/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.