
අන්තර් සමාජ 23 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ පිට පිට සිව්වැනි ජය ලබාගැනීමට යුදහමුදා සහ එස්.එස්.සී කණ්ඩායම් ඊයේ (23 වැනිදා) සමත්වූහ.
ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී පිල සමත්වූ අතර නාවින හමුදා පිලට එරෙහිව වැලිසර නාවින හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 62 ක ජයක් හිමිකර ගැනීමට යුදහමුදා පිල සමත්විය. යුදහමුදා පිලට ප්‍රසාද ලකුණක්ද හිමිවිය.
තවත් තරග 5 ක් ඊයේ පැවැති අතර එහිදී ගාල්ල, සී.සී.සී, බදුරලිය, ගුවන් හමුදාව සහ සෙබස්තිනයිට්ස් යන කණ්ඩායම් ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත්වූහ.
නාවික හමුදා පිලට එරෙහිව යුදහමුදා පිලේ බිෂාන් මෙන්ඩිස් (104) ශතකයක් ලබාගැනිමට සමත්වූ අතර ඊයේ දිනයේදී වාර්තාවූ එකම ශතකයද එය විය. ද්‍රවිඩ සංගම් පිලේ රවිඳු ප්‍රනාන්දු, එස්.එස්.සී පිලේ නිපුන් ධනංජය, යුදහමුදා පිලේ පැතුම් කුමාර, නුගේගොඩ පිලේ සකුණ ලියනගේ, බදුරලිය පිලේ රනේෂ් සිල්වා, ගුවන් හමුදා පිලේ රවිඳු සෙම්බුකුට්ටිගේ අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.
කුරුණෑගල යොවුන් පිලට එරෙහිව සී.සී.සී පිලේ අම්ෂි ද සිල්වා ලකුණු 23 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
එස්.එස්.සී පිලට කඩුලු 4 ක ජයක් (ඩක්වත්/ලුවිස් න්‍යාය අනුව)
එස්.එස්.සී සහ ද්‍රවිඩ සංගමය අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගමය - ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 235
(සුපුන් කාවින්ද 22, කවිඳු මදරසිංහ 45, කමේෂ් නිර්මාල් 47, අෂාන් ප්‍රනාන්දු 23, රවිඳු ප්‍රනාන්දු 56, හිමේෂ් රාමනායක 47/3, කළණ පෙරේරා 38/2)
එස්.එස්.සී - ඕවර 45.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 223
(නිපුන් ධනංජය 62, ක්‍රිෂාන් සංජුල 45, චමිඳු වික්‍රමසිංහ 40, සම්මු අෂාන් නොදැවී 45, රවීන් ද සිල්වා 26/2, සචිඳු කොළඹගේ 38/2)
යුදහමුදා පිලට ලකුණු 62 ක ජයක් (ඩක්වත්/ලුවිස් න්‍යාය අනුව)
යුදහමුදා සහ නාවින හමුදා කණ්ඩායම් අතර වැලිසර නාවින හමුදා ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව - ඕවර 47 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 104
(බිෂාන් මෙන්ඩිස් 104, පැතුම් කුමාර නොදැවී 71, අකිඳු කරුණාරත්න 63/3, ජොහාන් ද සිල්වා 42/2)
නාවික හමුදාව - ඕවර 22 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 114
(භාග්‍ය දිසානායක 21, ඉමේෂ් විරංග 21, හෂාන් සංදීප 10/3, ගිහාන් කෝරලගේ 27/2, හේෂාන් මදුශංක 29/2)
ගාල්ල පිලට ලකුණු 2 ක ජයක් (ඩක්වත්/ලුවිස් න්‍යාය අනුව)
ගාල්ල සහ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
කැන්ඩි කස්ටම්ස් - ඕවර 23 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 130
(සසිත් ප්‍රියාල් 25, සසිත් මනුරංග 28, තනුල චමෝද් 23/2, කුෂාන් මදූෂ 23/2)
ගාල්ල - ඕවර 22 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 124
(රවිෂ්ක විජේසිරි 44, කවිඳු එදිරිවීර 33, ඉමේෂ් මදුශංක 12/3)
සී.සී.සී පිලට කඩුලු 4 ක ජයක් (ඩක්වත්/ලුවිස් න්‍යාය අනුව)
සී.සී.සී සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
කුරුණෑගල - ඕවර 33.4 කදී සියලුදෙනා දැවී ලකුණු 105
(කවීන් බණ්ඩාර 21, රංදීර රණසිංහ 24, අම්ෂි ද සිල්වා 23/5, රුවින් සෙනෙවිරත්න 18/4)
සී.සී.සී - ඕවර 18 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 100
(පවන්ත වීරසිංහ 25, පවන් රත්නායක නොදැවී 27, අසිත වන්නිනායක 34/4)
බදුරලිය පිලට කඩුලු 2 ක ජයක්
බදුරලිය සහ නුගේගොඩ කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
නුගේගොඩ - ඕවර 44.3 කදී සියලුදෙනා දැවී ලකුණු 222
(අභිෂේක් ලියනාරච්චි 23, පසිඳු ආදිත්‍ය 31, මුදිත ලක්ෂාන් 24, සකුණ ලියනගේ 81, රුචිර කෝෂිත 29/3)
බදුරලිය - ඕවර 44 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 225
(දුනිත් ජයතුංග 21, අවිෂ්ක ලක්ෂාන් 21, රනේෂ් සිල්වා නොදැවී 67, මිතිල තෙනුර 32, අවිඳු තීක්‍ෂණ 51, විමුක්ති කුලතුංග 41/4, තෂික නිර්මාල් 39/3)
ගුවන් හමුදා පිලට කඩුලු 4 ක ජයක් (ඩක්වත්/ලුවිස් න්‍යාය අනුව)
ගුවන් හමුදා සහ ලන්කන් කණ්ඩායම් අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
ලන්කන් - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී ලකුණු 148
(සවන් කන්කානම්ගේ 21, කෙවින් පෙරේරා 29, දමිත් සිල්වා 27, කසුක් ඒකනායක 31/3, රවිඳු සෙම්බුකුට්ටිගේ 11/2, කසුන් රවිඳු 23/2, මොවින් සුභසිංහ 28/2)
ගුවන් හමුදාව - ඕවර 39.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 139
(රවිඳු සෙම්බුකුට්ටිගේ 67, චාමිකර හේවගේ 22, මොවින් සුභසිංහ නොදැවී 23, සඳුන් සත්සර 31/4)
සෙබස්තිනයිට්ස් පිලට ලකුණු 34 ක ජයක් (ඩක්වත්/ලුවිස් න්‍යාය අනුව)
සෙබස්තිනයිට්ස් සහ පොලිස් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී
සෙබස්තිනයිට්ස් - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 170
(රයන් ප්‍රනාන්දු 23, තරූෂ සමරවික්‍රම 23, තරූෂ ප්‍රනාන්දු 46, මොහොමඞ් ෆාහීම් 10/3, චාරුක ජයතිලක 39/3, රෙසඳු තිලකරත්න 26/2)
පොලිස් - ඕවර 40.3 කදී සියලුදෙනා දැවී ලකුණු 132
(භවන්ත උදන්ගමුව 29, ලක්‍ෂිත අමරසේකර 27, හසිඳු ශාමික 22, තරූෂ ප්‍රනාන්දු 24/4, තරූෂ සමරවික්‍රම 20/2, හංස ද සිල්වා 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.