තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවැත්වෙන ‘සොහොයුරන්ගේ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 38 වැනි එක්දින තරගය ලකුණු 75 ක් ජයගැනීමට තර්ස්ටන් විද්‍යාලය අද (4 වැනිදා) සමත්විය.
පංසිළු දේශාන්ගේ (නොදැවී 70) අර්ධ ශතකය හමුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විද්‍යාලය ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 247 ක් රැස්කිරීමට සමත්විය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ ඉසිපතන විද්‍යාලයේ මධුශික සඳරුවන් කඩුලු ත්‍රිත්වයක් සමගින් ලකුණු 36 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත්වූවද පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ තරගය ජය ගැනීමට නොහැකි විය. නිපුන් ලක්ෂාන්, රෂ්මික හිරුපිටිය සහ සඳරු ඩයස් දවාගනිමින් මධුශික සඳරුවන් කඩුලු ත්‍රිත්වය හිමිකර ගැනීමට සමත්වූයේය.
ජයග්‍රහණය සදහා ලකුණු 248 ක ඉලක්කයක් හඹාගිය ඉසිපතන විද්‍යාලයට ඕවර 46.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 172 ක් පමණි. ලකුණු 32 ක් රැස්කළ අශේන් ගුණවර්ධන ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
සඳරු ඩයස් කඩුලු 3 ක් සහ අයේෂ් හර්ෂණ කඩුලු 2 ක් දවාගනිමින් තර්ස්ටන් විද්‍යාලීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
තර්ස්ටන් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 247
(පංසිළු දේශාන් නොදැවී 70, නිමේශ් පෙරේරා 41, යෙශාන් වික්‍රමාරච්චි 36, ඉමේෂ් විරංග 33, මධුශික සඳරුවන් 36/5, සංජුල ඉලංගතිලක 38/2)
ඉසිපතන විද්‍යාලය - ඕවර 46.3 කදී සියලුදෙනා දැවී ලකුණු 172
(අශේන් ගුණවර්ධන 32, සංජුල අබේවික්‍රම 27, ශමිල්ක වික්‍රමතිලක 25, ඉශාන් ප්‍රනාන්දු 21, සඳරු ඩයස් 44/3, අයේෂ් හර්ෂණ 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.