Last Update  :  2025-10-30 15:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එක්දින තරගාවලියේ ජය නවසීලන්තයට

එක්දින තරගාවලියේ ජය නවසීලන්තයට

editorial - 2025 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව හැමිල්ටන් නුවර සෙඩෝන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද (29 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමටද නවසීලන්තයට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ ඕවර 33.1 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. පිට පිටම දෙවැනි අර්ධ ශතකය ලබාගත් ඩර්ලි මිචෙල් පන්දු 59 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

ලකුණු 0 ක්ව තිබියදී නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල බිඳවැටුණු නමුත්, සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් රචින් රවින්ද්‍ර පන්දු 58 කින් ලකුණු 54 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි. නායක මිචෙල් සෑන්ට්නර් පන්දු 17 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා මනා දායකත්වයක් සැපයීය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයට නවසීලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 36 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 175 ක් පමණි. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජෙමී ඔවර්ටන් පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 42 ක් රැස්කළේය. නායක හැරී බෘක් පන්දු 34 කින් ලකුණු 34 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ බ්ලෙයර් තික්නර් නිලකුණු ඕවරයක්ද සමග ඕවර 8 ක් යවමින් ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගත්තේ තරගයේ වීරයා බවටද පත් වෙමිනි. එංගලන්ත පිතිකරුවන් අසරණ කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නේතන් ස්මිත් ලකුණු 27 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය. 


එංගලන්තය - ඕවර 36 කදී සියලු දෙනා දැවී 175 
(ජෝ රූට් 25, ජෙකොබ් බෙතෙල් 18, හැරී බෘක් 34, සෑම් කරන් 17, ජෙමී ඔවර්ටන් 42, බ්ලෙයර් තික්නර් 34/4, නේතන් ස්මිත් 27/2) 

නවසීලන්තය - ඕවර 33.1 කදී කඩුලු 5 ක් දැවී 177 
(රචින් රවින්ද්‍ර 54, කේන් විලියම්සන් 21, ඩර්ලි මිචෙල් නොදැවී 56, මිචෙල් සෑන්ට්නර් නොදැවී 34, ජොෆ්රා ආචර් 23/3) 

-036 


අදහස් (0)

එක්දින තරගාවලියේ ජය නවසීලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.