පාකිස්තාන් සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමට එරෙහිව ඩුබායි ක්‍රීඩාංගණයේදී ඊයේ (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් අත්කර ගැනීමට කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.
මුල්තාන් සුල්තාන්ස් පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ උමාර් ගුල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ බිඳවැටුණ කඩුලු 8 න් 6 කටම හිමිකම් කීවේය. සිය පළමු සහ දෙවැනි ඕවර වලදී කඩුල්ල බැගින් දවාගත් ගුල්, තෙවැනි සහ සිවුවැනි ඕවර වලදී කඩුලු 2 බැගින් දවාගනිමින් ග්ලැඩියේටර්ස් පිතිකරුවන් අසරණ කළේය. කෙසේ වුවත් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
අසාද් ශෆීක් (20) සහ ෂේන් වොට්සන් (26) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමූහ. පන්දු 20 කදී වාර්තා වූ ශෆීක්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 26 කදී වාර්තා වූ වොට්සන්ගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.
කිරන් පොලාඞ් යැවූ අවසන් ඕවරයේ 5 වැනි පන්දුවට හයේ පහරකින් සංග්‍රහ කළ හසන් ඛාන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කළේය. රිලී රූසොව් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 27 ක්ද, රමීස් රාජා හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක්ද රැස්කරමින් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරවීම සඳහා සිය දායකත්වය සැපයූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ෂොයිබ් මලික් පන්දු 43 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 65 ක් රැස්කළේය. එහෙත් ආරම්භක පිතිකරුවන් වූ කුමාර් සංගක්කාර (0) සහ අහමඞ් ශේෂාඞ් (1) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යෑම නිසා සුල්තාන්ස් කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය.
මුල්තාන් සුල්තාන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 152
(සොහේබ් මක්සූද් 27, සොහේල් තන්වීර් 19, ෂොයිබ් මලික් නොදැවී 65, රොස් වයිට්ලි 16, කිරන් පොලාඞ් නොදැවී 15)
කුවේටා ග්ලැඩියේටර්ස් පිල - ඕවර 19.5 කදී කඩුලු 8 ක් දැවී 156
(අසාද් ශෆීක් 20, ෂේන් වොට්සන් 26, රිලී රූසොව් 27, රමීස් රාජා 22, අන්වර් අලී 15, උමාර් ගුල් 24/6)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.