අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ඉසිපතන විදුහල අද (15) සමත් විය.
කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (15) පැවැති සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 63 කින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කිරීමට සමත් වූහ.
ජයග‍්‍රහණය සදහා ලකුණු 280 ක ඉලක්කය හඹාගිය ශාන්ත පීතර විදුහල් පිල අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් 35 වැනි ඕවරය අවසානයේ තරගය අත්හිටුවන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 145 ක් රැස්කර සිටියේය.
ඉසිපතන විදුහල වෙනුවෙන් ළහිරු ඩිල්ෂාන් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 30 කට කඩුලූ 3 ක් දවා ගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් ඉසිපතන විදුහල වෙනුවෙන් හර්ෂ රත්නායක වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 85 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 78 ක් රැස්කිරීමට සමත් විය.
හර්ෂ රත්නායක (78) සහ හේෂාන් ධනුෂ්ක (38) දෙවැනි කඩුල්ලට ලකුණු 74 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.
මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ද, මොරටුව ශාන්ත සෙබස්තියන් සහ ඉසිපතන විදුහල අතර ද අවසන් පූර්ව තරග මේ මස 21 සහ 22 පැවැත්වීමට නියමිතය.
| ලකුණු පුවරුව | |||||||
| ඉසිපතන විදුහල | |||||||
| කලන පෙරේරා - ක. මූ. කළා ප. ජීවන්ත | 27 | ||||||
| හර්ෂ රත්නායක - ඇ. ජූඞ් ප. උදාර | 78 | ||||||
| හේෂාන් ධනුෂ්ක - ඇ. අනිෂ්ක ප. රොද්‍රිගු | 38 | ||||||
| පැතුම් නිශ්ශංක - ඇ. ජූඞ් ප. රොද්‍රිගු | 34 | ||||||
| සංජුල අබේවික‍්‍රම - ඇ. ශිවාන් ප. මනිල්ක | 36 | ||||||
| අයන සිරිවර්ධන - ඇ. ජූඞ් ප. රොද්‍රිගු | 0 | ||||||
| රිද්මික නිමේෂ් - ඇ. සන්තුෂ් ප. ජූඞ් | 37 | ||||||
| රසුර වින්සුර - දුවද්දී දැවී ගියා | 7 | ||||||
| නිරංජන් වන්නිආරච්චි - නොදැවී | 5 | ||||||
| අතිරේක | 17 | ||||||
| එකතුව ඕවර 50 යේදී කඩුලූ 8 ක් දැවී | 279 | ||||||
| පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ: | |||||||
| සංජුල බණ්ඩාර, ළහිරු ඩිල්ෂාන් | |||||||
| කඩුලූ වැටීම: | |||||||
| 1-94(කලන පෙරේරා), 2-118(හර්ෂ රත්නායක), 3-173(හේෂාන් ධනුෂ්ක), | |||||||
| 4-194(පැතුම් නිශ්ශංක), 5-194(අයන සිරිවර්ධන), 6-263(සංජුල අබේවික‍්‍රම), | |||||||
| 7-269 (රිද්මික නිමේෂ්), 8-279(රසුර වින්සුර) | |||||||
| පන්දු යැවීම: | |||||||
| මනිල්ක ද සිල්වා: 10-1-56-1, ගිෂාන් රොද්‍රිගු: 10-1-39-3, උදාර ද සිල්වා: 6-0-35-1, | |||||||
| ශිවාන් පෙරේරා: 2-0-17-0, ජීවන්ත ප‍්‍රනාන්දු: 6-0-26-1, චතුර ඔබේසේකර: 9-0-46-0, | |||||||
| දිනුක් පීරිස්: 3-0-27-0, ජූඞ් පීරිස්: 4-0-31-1 | |||||||
| ශාන්ත පීතර විදුහල | |||||||
| සන්තුෂ් ගුණතිලක - ඇ. අයන ප. ළහිරු | 38 | ||||||
| රන්මිත් ජයසේන - ප. වින්සුර | 5 | ||||||
| ජූඞ් පීරිස් - ක. මූ. කළා ප. සංජුල | 15 | ||||||
| ශිවාන් පෙරේරා - ඇ. හර්ෂ ප. ළහිරු | 12 | ||||||
| මනිල්ක ද සිල්වා - ක. මූ. කළා ප. සංජුල | 27 | ||||||
| අනිෂ්ක පෙරේරා - නොදැවී | 24 | ||||||
| දිනුජ පීරිස් - ප. ළහිරු | 0 | ||||||
| ගිෂාන් රොද්‍රිගු - නොදැවී | 13 | ||||||
| අතිරේක | 11 | ||||||
| එකතුව ඕවර 35 කදී කඩුලූ 6 ක් දැවී | 145 | ||||||
| පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ: | |||||||
| උදාර ද සිල්වා, ජීවන්ත ප‍්‍රනාන්දු, චතුර ඔබේසේකර | |||||||
| කඩුලූ වැටීම: | |||||||
| 1-17(රන්මිත් ජයසේන), 2-44(ජූඞ් පීරිස්), 3-65(ශිවාන් පෙරේරා), | |||||||
| 4-98(මනිල්ක ද සිල්වා), 5-117(සන්තුෂ් ගුණතිලක), 6-117(දිනුජ පීරිස්) | |||||||
| පන්දු යැවීම: | |||||||
| නිරංජන් වන්නිආරච්චි: 5-0-17-0, රසුර වින්සුර: 4-1-26-1, | |||||||
| සංජුල බණ්ඩාර: 10-1-36-2, අයන සිරිවර්ධන: 7-0-24-0, | |||||||
| ළහිරු ඩිල්ෂාන්: 6-0-30-3, හේෂාන් ධනුෂ්ක: 3-0-11-0 | |||||||
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.