‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 49 ක ජයක් හිමිකර ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඉසිපතන විද්‍යාලයේ ආර්.රත්නායක (113) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සවිඳු උත්සර දෙවැනි ඉනිමේදී ලබාගත් කඩුලු 5 ත් සමගින් තරගය පුරා කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. මදුශික සඳරුවන් ඉනිම දෙකෙහිදී කඩුලු 6 ක් දවාගැනීමට සමත්විය.
ඉසිපතන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 51.2 කදී සියලුදෙනා දැවී ලකුණු 218
(ආර්.රත්නායක 113, ඒ.ගුණවර්ධන 20, ආර්.විජේසිරි 40/5, පී.මදුශංක 47/2)
ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 31.3 කදී සියලුදෙනා දැවී ලකුණු 78
(එස්.සංකල්ප 28, පී.අනගිපුර 26, ඩී.දිසානායක 10/3, සවිඳු උත්සර 10/3, මදුශික සඳරුවන් 16/2)
ලුම්බිණි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37.5 කදී සියලුදෙනා දැවී ලකුණු 91
(දුශාන් ප්‍රනාන්දු 25, සවිඳු උත්සර 44/5, මදුශික සඳරුවන් 21/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.