අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කර ගැනීමට බණ්ඩාරනායක මැදි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඉසුක කරස්නාගොඩ සහ මොවිඳු ජයසිංහ කඩුලු 4 බැගින් දවාගනිමින් බණ්ඩාරනායක මැදි විදුහලේ ජයග්‍රහණය තහවුරු කළහ.
බණ්ඩාරනායක මැදි විදුහල - ඕවර 36.2 කදී සියලු දෙනා දැවී 134
(ඉඳුවර අශෝක නොදැවී 41, තරුෂ රණමුක 21, අචින්ත කාවින්ද 17/4, රවිඳු මදුෂංක 27/2)
ශාන්ත තෝමස් විදුහල - ඕවර 36.2 කදී සියලු දෙනා දැවී 128
(ඉසුක කරස්නාගොඩ 16/4, මොවිඳු ජයසිංහ 25/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.