දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඩුබායිහිදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 359 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 31.1 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.
ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ දීපාක් මලික් පන්දු 107 කදී නොදැවී ලකුණු 178 ක් රැස්කළේය. පළමු කඩුල්ල වෙනුවෙන් වෙන්කටේශ්වර් රාඕ (28) සමග එක්ව ලකුණු 78 ක සබඳතාවයක් ගොඩනගමින් ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් දීපක්, ඉන් නොනැවතී ප්‍රකාශ් ජයරාම් (75) සමගද අගනා සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චන්දන දේශප්‍රිය පන්දු 67 කදී නොදැවී ලකුණු 97 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ රැදී සිටියේය. කේ. සිල්වා (64) සහ සුරංග සම්පත් (68) එක්ව ලකුණු 104 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
දීපක් මලික් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර චන්දන දේශප්‍රිය තරගයේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය අනිද්දා (13 වැනිදා) නේපාලයට එරෙහිව පැවැත්වේ.
ශ්‍රී ලංකාව - ඕවර 40 කදී කඩුලු 8 කට 358
(චන්දන දේශප්‍රිය 97, සුරංග සම්පත් 68, කේ. සිල්වා 64, සුනිල් රමේෂ් 43/3)
ඉන්දියාව - ඕවර 31.1 කදී කඩුලු 4 කට 359
(දීපක් මලික් 178, ප්‍රකාශ් ජයරාම් 75, වෙන්කටේශ්වර් රාඕ 28, චන්දන කුමාර 40/1)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.