අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ තෙවැනි සතිය අවසාන වනවිට තරග තුනකට සහභාගීවී කඩුලු 27 ක් බිද හෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වන්නට වමතින් දගපන්දු යවන්නකුවන එන්.සී.සී. කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය සමත්වී ඇත. ඉනිම හතරකදී කඩුලු 5 බැගින් දවාගෙන ඇති ඇඹුල්දෙණිය තරග දෙකකදී කඩුලු 10 බැගින් දවාගැනීමට සමත්වී ඇත.
එස්.එස්.සී පිල නියෝජනය කරන කෞෂාල් සිල්වා තරග තුනකට සහභාගීවී ලකුණු 291 ක් ලබාගනිමින් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වී ඇත. බ්ලූම්ෆීල්ඞ් පිලට එරෙහිව ලබාගත් ද්විත්ව ශතකය (නොදැවී 202) කෞෂාල් සිල්වා මෙවර තරගාවලියේ ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම පිතිකරුවකු විසින් මෙවර තරගාවලියේදී දැනට රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තාවෙයි.
කෞෂාල් සිල්වා අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් පාකිස්තානය සමගින් පසුගිය ඔක්තෝබර් මාසයේදී ක්‍රීඩා කළද ඉන්දිය තරගාවලියෙන් ඔහුව ඉවත් කරන ලදී.
තරගාවලියේ දැනට වාර්තාවී ඇති ඉනිමක හොදම පන්දු යැවීම කෝල්ට්ස් පිලට එරෙහිව වාර්තා කිරීමට සී.සී.සී. පිල නියෝජනය කරමින් පා දඟපන්දු යවන වනිඳු හසරංග (26/8) සමත්වී තිබේ. ප්‍රභාත් ජයසූරිය සහ සචිත්‍ර සේනානායක කඩුලු හත බැගින් දවාගැනීමට සමත්ව සිටිති.
තරගයක හොදම පන්දු යැවීම බ්ලූම්ෆීල්ඞ් කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරන ප්‍රභාත් ජයසූරිය (82/11) සමත්වී ඇත. එන්.සී.සී. පිල නියෝජනය කරන ලසිත් ඇඹුල්දෙණිය අවස්ථා දෙකකදී සහ හලාවත මේරියන්ස් පිල නියෝජනය කරන මාලින්ද පුෂ්පකුමාර කඩුලු 10 බැගින් දවාගැනීමට සමත්වූහ.
මේ වනවිට තරගාවලියේදී රැස්කළ පළමු සහ එක්ම ද්විත්ව ශතකයට හිමිකම් කීමට කෞෂාල් සිල්වා (එස්.එස්.සී) සමත්වී ඇති අතර ශතක දෙක බැගින් ලබාගැනීමට ප්‍රීමෝෂ් පෙරේරා (මූවර්ස්) සහ මනෝජ් සරත්චන්ද්‍ර (ද්‍රවිඩ සංගමය) සමත්ව සිටිති.
කෞෂාල් සිල්වා (එස්.එස්.සී.) ද්විත්ව ශතකයක්ද, දිමුත් කරුණාරත්න (එස්.එස්.සී.), නිපුන් කරුණානායක (බ්ලූම්ෆිල්ඞ්), වනිඳු හසරංග (සී.සී.සී.), මාධව වර්ණපුර (සී.සී.සී.), දේශාන් ඩයස් (බී.ආර්.සී.), ඇන්ජලෝ පෙරේරා (එන්.සී.සී.), මනෝජ් සරත්චන්ද්‍ර (ද්‍රවිඩ සංගමය) සහ ජනිත් ලියනගේ (රාගම) ගෙවීගිය සතියේදී ශතක ලබාගත් පිතිකරුවෝ වෙති. ශතකය පෙනී පෙනී ශතකය අහිමි කරගත් පිතිකරුවන් අතරට රාගම කණ්ඩායමේ උදාර ජයසුන්දර (97) සහ ද්‍රවිඩ සංගම් පිලේ සිතාර ගිම්හාන් (96) එක්වෙති.
ගෙවීගිය සති අන්තයේදී පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයන් අතර කෝල්ට්ස් පිලට එරෙහිව කඩුලු 8 ක් දවාගත් සී.සී.සී. පිලේ වනිඳු හසරංග සහ බ්ලූම්ෆීල්ඞ් පිලට එරෙහිව කඩුලු 7 ක් දවාගත් එස්.එස්.සී. පිලේ සචිත්‍ර සේනානායක ඉදිරියෙන්ම සිටිති.
2017/12/24 දින දක්වා පැවැති තරගවල දස්කම් ඇතුළත් කර තිබේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.