Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්ථානය කඩුලු පහකින් පරාජය කරමින් ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට ඉන්දියාව සමත්විය. ඒ ඊයේ (28) රාත්‍රියේ ඩුබායිහිදී පැවති අවසන් මහා තරගයේදීය තරගාවලියේ වැඩිම වාර ගණනක් ශූරයන් වන ඉන්දියාව මෙම ආසියානු කුසලාන දිනා ගත් 9 වැනි අවස්ථාව මෙය වූ අතර එය අඛණ්ඩව දිනාගත් දෙවැනි අවස්ථාව විය.
මෙවර තරගාවලියේදී පාකිස්ථානය, ඉන්දියාව හමුවේ තෙවරක්ම පරාජයට පත්වීමද කැපී පෙනිණ.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථානයට ආරාධනා කළේය. පාකිස්ථානු ඉනිම ආරම්භ කරමින් පිිටියට පිවිසි ෆාකර් සමාන් හා ෂාහිබ්සාදා ෆර්හාන් පන්දු 58 කදී ලකුණු 84 ක් රැස් කරමින් තරගාවලිය පුරාම අසාර්ථක වූ පාකිස්ථානු ආරම්භක පිතිකරු සබඳතාව වෙනස් මගකට යොමු කළේය. නමුත් පාකිස්ථාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස ෂාහිබ්සාදා දැවීයාමත් සමගින් පාකිස්ථානු ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.
ඒ අනුව පාකිස්ථාන ඉනිමේ අවසන් කඩුලු 9 ක් ලකුණු 33 ක් තුළ බිද වැටීම විශේෂත්වයකි.
එහිදී විශ්ෂ්ට පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදව් කඩුලු 4 ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීයාගේ වාර්තාව තවදුරටත් තමන් සන්තකයේ තබා ගැනීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගත නොහැකි වූ අතර ඔවුන්ගේ පළමු කඩුලු 3 ම ලකුණු 20 ක් තුළ දැවීගියේ තරගාවලිය පුරාම සාර්ථක වූ ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා ලකුණු 5 ක් සීමා කරමිනි. නමුත් සිව්වැනි කඩුල්ලට සංජු සැම්සන් සමගින් පිටියේ එක්වූ තිලක් වර්මා ගොඩ නැගූ ලකුණු 57 ක සබඳතාව ඉන්දියාව ජයග්‍රහණයට පාර පෙන්වූයේය. අනතුරුව තිලක් වර්මා සමගින් ඩුබේ ගොඩනැගූ ලකූණු 60ක සබඳතාව පාකිස්ථානයට තරගාවලියේ ශූරතාව සිහිනයක්ම කළේය. ඉන්දියාව ජයග්‍රහණයට ගෙන ගිය තිලක් වර්මා පන්දු 53 කදී ලකුණු 69 ක් රැස් කළේය.
පාකිස්ථානු ඉනිම පන්දුවාර 19.1 කදී සියලුදෙනා දැවී ලකුණු 146
(සාහිබ්සාදා ෆර්හාන් 57, ෆාකර් සමාන් 46, සයිම් ආයුබ් 14, ජස්ප්‍රිට් බුම්රා 25/2, වරුන් චක්‍රවර්ති 30/3, ආක්ෂාර් පටෙල් 26/2 කුල්දීප් යාදව් 30/4)
ඉන්දියාව පන්දුවාර 19.4 කදී කඩුලු 5 ක් දැවී ලකුනු 150
(තිලක් වර්මා නොදැවී 69, සංජු සැම්සන් 24, ෂිවම් ඩුබේ 33, ෆහීම් අෂ්රෆ් 29/3 අබ්‍රාර් අහ්මඩ් 29/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.